ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියකු ඊයේ රාත්රි (06) රෝහලින් පැන ගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.
පැනගිය රැදවියා 35 හැවිරිදිවියේ පසුවන අයෙකි.
ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ මෙම රැඳවියා කරාපිටිය රෝහලේ ප්රථිකාර ලබමින් සිට ඇත. මොහු වැසිකිළියට ගොස් සිටියදි රෝහලින් පැන ගොස් ඇත. මෙම රැදවියාට වැසිකිළියට යාමේ දි දමනු ලබන වැසිකිළි දම්වැල් දමා නොතිබු අතර ආරක්ෂාවට සිටි නියාමකවරයා අත්විලංගු තබාගෙන වැසිකිළිය ඉදිරිපිටට වි සිටියදි මොහු පැනගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්කුඩු ජවාරම් කිරීම සම්බන්දයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් මෙම රැදවියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුණි.
ගාල්ල බන්ධනාගාරයේ සිටියදි මෙම රැදවියාගේ පිටුපස ප්රදේශයේ තිබු ගෙඩියක් හේතුවෙන් ඒ සඳහා ප්රථිකාර ගැනිමට කරාපිටිය රෝහලට ඇතුළත් කොට තිබුණි.