ලලිත් චාමින්ද –
දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපසින් පිහිටි ගාල්ල දෙවට වෙරළ තීරයේ ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් අද (23) පෙරවරුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කරනු ලැබීය.
දෙවට වෙරළ තීරයේ ඉදිකොට තිබූ අනවසර මාළු වෙළඳසැල් මෙසේ ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
ඉදිරියේදී මෙම ස්ථානයේ වෙරළ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.








