බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල කොටුපවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවෙක් මරුට…

by editor
අප්‍රේල් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ඊයේ (26) රාත්‍රි මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ තවලම ගමගේ ජනිත් චන්දුල (21) නැමති කුරුදුවත්ත, හපුගල ,වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹිට ගොස් ඇත. මොහු ගාලුකොටුවේ පැරණි ප්‍රදිපාගාරය අසලදි (තරුණයින් මුහුදට පනින ස්ථානය) කොටුපවුර මතින් ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බව පොලිසිය පවසයි. මොහු කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන් විසින් දැක නොමැති බවද පොලිසිය පවසයි.

තරුණයා කොටුපවුර මතින් ඇද වැටි බරපතල තුවාල ලබා සිටියදි පොලිස් නිලධාරින් විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ඒවනවිටත් මෙම තරුණයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මියගිය තරුණයා තම පියා සහ මව සමග නිවසේ සිටියදි ඊයේ (26) පස්වරුවේ දි ඔහුගේ මිතුරකුගෙන් සිය ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලැබි ඇත. මම එන්නම් යනුවෙන් ඔහු මිතුරාට පවසා තිබේ. මියගිය තරුණයාගේ පියා විසින් සිය යතුරුපැදියෙන් මොහු ගාල්ල කොටුවට ඇරලවා ඇත. සිය පුතු කොටුපවුර මතින් ඇදවැටි රෝහල්ගතකොට ඇති බවට පියාට දැනුම් දි ඇත්තේ පොලිසියෙන් බව පියා අප සමග පැවසීය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මියගිය තරුණයාගේ පියා ගුරු උපදේශකවරයෙකු වන අතර මව ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන්නිය. මියගිය තවලම ගමගේ ජනිත් චන්දුල මෙම යුවළගේ එකම පුතුවන අතර ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකි.

මෙම තරුණයා කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන් පවා දැක නොමැති අතර මියගිය තරුණයා සමග ගාලුකොටුව නැරඹිට පැමිණි මිතුරන් සිව් දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (27) ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 80ක මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට… හෙරොයින් කිලෝ 13යි… අයිස් කිලෝ තුන හමාරයි…

Next Post

බුද්ධ ප්‍රතිමාවක් සහ ගණදෙවි ප්‍රතිමාවකට හානි කර ප්‍රදේශයක් කැළඹවූ කුඩු කාරයෙක් සොයා පොලිස් විමර්ශන….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.