සුමිත් පොතුපිටිය –
ඡන්ද නාමලේඛණය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටී ග්‍රාම නිළධාරීනියට සාපරාධී බලහත්කාරය පෑමක් සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි සංජය ශ්‍රියාල් නමැති අයෙකි.
අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරී එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රී වරයා අද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිතෙ පරීක්ෂණ පවත්වති.







