ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටිකාලීන අවශ්‍යතා මත ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඔහු පවසන්නේ ලංකා ගල් අඟුරු සමාඟමේ ලියාපදිංචි සැපයුම්කරුවන් සහ ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සැපයුම්කරුවෙකු සඳහා අවම දින 180 ක ණය පහසුකමක් සහිතව මෙම ටෙන්ඩරය විවෘත කර ඇති බවය.
ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන ටෙන්ඩරය ලබන සතිය වන විට පල කරන බව ද ඇමතිවරයා දන්වයි.
A Spot Tender has been advertised following the International Competitive Bidding method & has been opened for registered supliers & any supplier capable of supplying Coal with a min 180 day credit facility. Long Term Tender for Coal Procurement will be advertised by next week. pic.twitter.com/gfJVmuJ28F
— Kanchana Wijesekera (@kanchana_wij) September 29, 2022