බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ටෙන්ඩරයෙන්  ආණ්ඩුවට කෙළවුනා ද?… මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව දුන් පිළිතුර කියවන්න!

by editor
පෙබරවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව ගැටලුව ආණ්ඩුව පෙරළා දැමීමට තරම් ප්‍රබල දූෂණ සහිත ගනුදෙනුවක් ලෙස විපක්ෂය සමාජ මතයක් ගොඩනගමින් ඇත. ඒ සඳහා සංඛ්‍යා ලේඛණ දත්ත සහ විදුලි බල සහ බලශක්ති ඇමතිවරයාගේ උපන් ගෙයි දූෂණ  ගලපාගෙන දැවැන්ත ප්‍රශ්න කිරීමක් සිදුකරනු ලබමින් ඇත. “බෝසත්” මාලිමා ආණ්ඩුව සම්බන්ධව ජනතාව තුළ තිගැස්මක් ඇති කිරීමට සමත් මේ ගල් අඟුරු ටෙන්ඩරයේ කතාව අද  (24) කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැත්වූ  මාධ්‍ය  හමුවේ දී මාධ්‍යවේදීන් විසින් දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබුවේය.  මාධ්‍ය විසින් කළ දැඩි ප්‍රශ්න කිරීම සහ රජය පාර්ශවයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින් ලබා දුන් පිළිතුරු සම්පූර්ණයෙන් මෙම ලිපියෙන් දැක්වේ.

මාධ්‍යය – මේ දවස්වල දිගින් දිගටම කතා කරපු කාරණයක් තියනවා ගල් අඟුරු සම්බන්ධයෙන්. මීට පෙර අපි කැබිනට් මාධ්‍ය හමුවලදී මේ ගැන ප්‍රශ්න කරලා තියනවා. ඔබතුමා උත්තර දීලත් තියනවා. අපි ප්‍රශ්න කළේ මේ  ටෙන්ඩරය ප්‍රදානය ගැන.  අද ඒ සම්බන්ධව විශාල හඬක් නැගෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවෙදිත් ඇහෙනවා පිටදිත් ඇහෙනවා ගල් අඟුරු වංචාවක් වෙලා කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒ කියන කාරණාවලටත්  ඇහුම්කන් දෙන්න අපට සිද්ධ වෙනවා. විටින් විට විවිධ ගණන් එළියට එනවා මේක පාඩුව ගැන කියලා. ඩී.වී චානක මන්ත්‍රී තුමා කියනවා බිලියන 100ක විතර පාඩුවක් ගැන. ගෙනාපු නැව් 08ම බාල ගල් අඟුරු කියලත් කියනවා. 09 වැනි නැවත් බාල ගල් අඟුරු නොරොච්චෝලෙ බලාගාරයෙන් ලැබුණ තොරතුරු දත්ත තියනවා කියලා කියනවා.  ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ නැවු ඔක්කොම බාල ගල් අඟුරුද මේ ඔක්කොගෙම තියෙන්නේ.

ඔබතුමා මීට කලින් සඳහන් කළා පාඩුව අය කරගන්නවා කියලා. ඒ අයකර ගත් පාඩුව කීය ද?. බාල ගල් අඟුරු කියලා මේ විදිහට ඔප්පු වෙලා තියනවා නම් ඇයි මේ ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු නොකළෙ කියන කාරණය.

ඒ වගේම ගල් අඟුරු ආනයනයේ දී ඇති වුන ඇත්ත පාඩුව අය කරගන්න ක්‍රමවේදය කුමක් ද?.  මේ සඳහා විමර්ශන කමිටුව පත් කරන්නේ කවදා ද?

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඇමතිවරයා –  ගල් අඟුරු ටෙන්ඩර් එක සම්බන්ධව බොහෝ කරුණුවලට පාර්ලිමේන්තුවෙදී පිළිතුරු දුන්නා.  නමුත් මම දැක්කා විපක්ෂ මන්ත්‍රීවරුන් විටින් විට තැනින් තැන මේවා කිය කියා යනවා.  පළමු දේ මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදු කළේ. ඇත්තටම මේක අලුත් දෙයක්. ඩී.වී චානකට හෝ ඊට කලින් හිටිය මේ විෂය සම්බන්ධ ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සහ ආණ්ඩුවල අයට ඒ ගොල්ල පිළිගන්නේ නැති, ඒ අයට අවබෝධ කරගන්න බැරි කාරණය තමයි ගල් අඟුරු සැපයුම ටෙන්ඩර් ක්‍රියාවලිකයින් සිදුකළ එක.

වර්ෂ  2009 සිට බැලුවාම 2015 දක්වා කරලා තියෙන්නේ ටෙන්ඩරය කරනවා. ටෙන්ඩරය අතරමග යද්දි ටෙන්ඩරය නවත්වලා  කැබිනට් මණ්ඩලයේ  තීරණ අරන් එක් සමගාමකට පමණක් දීපු එක.   එක වෙලාවක 2015 දී එම සමාගම ටෙන්ඩර් එකට ඇතුළු වුනාම ඒ අයට ඒ ටෙන්ඩරය ගන්න බැරි වුනා.  උසාවි ගිහින්වත් ගන්න බැරි වුනා. ඊට පස්සෙත් විටින් විට මේ ටෙන්ඩර් ක්‍රියාවලි අනුව නෙවෙයි කටයුතු වෙලා තියෙන්නේ.  තමන් තෝරාගත් සැපයුම්කරුවන්ට කැබිනට් මණඩලය හරහා  මේවා ලබා දෙන එක. සමහර වෙලාවට ටෙන්ඩරය ලබා දුන් මිල ගණන්වලට වඩා අඩු මිලක් කීවාම ටෙන්ඩරයට පිටින් මේක ලබා දීලා තියනවා.

පූර්ණ වශයෙන් ගත්තොත්  මෙවර සිදුවූ ක්‍රියාවලිය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලයි. ලියාපදිංචි සැපයුම්කරුවන් 26ක් ලියාපදිංචි කරන් හිටියා. ඉන් සැපයුම්කරුවන්  10ක් ටෙන්ඩර් කළා. ඒ අයට  දින 28ක් ලබා දුන්නා ටෙන්ඩර් එකට. ඊට පස්සේ ඒකට අභියාචනා කරන්න කාලයක් ලබා දුන්නා. අභියාචනාවෙදි කිසි කෙනෙක් පැමිණියෙ  නෑ. ඒ අනුව අපට පේනවා ටෙන්ඩරයට ඉදිරිපත් වූ සැපයුම් කරුවන් 10 දෙනාම  ටෙන්ඩර් ක්‍රියාවලිය සිදුවූ ආකාරය ගැන සෑහීමකට පත් වෙනවා කියලා පෙන්නුවා. නැතිනම් ටෙන්ඩරය අහිමි වුන සමාගම් සාමාන්‍යයෙන් විවිධ  හේතු මත  අභියාචනා ඉදිරිපත්  කරනවා. මේකෙදි එහෙම අභියාචනා ඉදිරිපත් කළේ නෑ.

මේකේ ක්‍රියිවලිය වෙන්නේ මේ ගල් අඟරු පටවන වරායෙදි වාර්තාවක් ගන්නවා.   ඒ වාර්තාව ගන්නේ පිළිගත්  පරීක්ෂණාගාරයකින්.  ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩි නම් තමයි ඒ තොගයය ලංකාව බාර ගන්නේ. ඒ අනුව මෙතෙක් නැවු 10ක් ඇවිත් තියනවා. ඒ නැවු 10ම  ලොඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5900ට වැඩියි.  5900ට අඩු නම් භාර ගන්නෙම නෑ. මේ දහයම 5900ට වඩා වැඩියි.

ඊට පස්සේ මේක නැවෙන් ඇවිත් ලංකාවෙදි ගොඩබෑවට පසසේ  ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකක් ගන්නවා. ඒ ගන්නෙත් පිළිගත්  පරීක්ෂණාගාරයකින්. මේ ඩිස්චාජ් පෝට් රිපෝට් එක ලබා ගැනීම සඳහා  ගල් අඟුරු සමාගම යොදා ගන්නේ  ප්‍රොටෙට්නා කියන පර්යේෂණාගාරයේ වාර්තාව.  ඒක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝර ගත්ත වසර දෙකකට  පර්යේෂණ කිරීමට අනුමැතිය ලබා දීලා තිබෙන ආයතනයක්.  මේ ගල් අඟුරු බෑවට පස්සේ එතැනින් වාර්තාවක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරනවා.  5900ත් 6150ත් කිලෝ කැලරි අතර තිබෙනවා නම් එක ගුණයක දඩයක් අය කරනවා.

මේක තමයි ක්‍රියාවලිය. මීට පරිබාහිරව වෙන ක්‍රියාවලියක් නෑ. පැටවුම් වරායෙදි වාර්තාවක් ගන්නවා. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වැඩි නම් ඒක ලංකාව බාර ගන්නවා. ගොඩබෑවට පස්සේ දි පරීක්ෂණ වාර්තාවක් ගන්නවා. ඒ වාර්තාව 5900ට අඩු නම් දෙගුණයක් දඩ ගහනවා. 5900 -6150 අතර නම් එක ගුණයක් දඩ ගහනවා. 6150ට වැඩි නම් ප්‍රශ්නයක් නැතිව ඒක බාර ගන්නවා.

මේ ක්‍රියාවලිය සිදුවුනේ එහෙම. ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කොමිසමේ අනුමැතිය සහිතව තමයි දින 21 ලබා දුන්නේ. ඒක දින 28 දක්වා වැඩි කළේ. අභියාචනා කාලය ලබා දුන්නේ. සැපයුම්කරුවන් ඒකට ඉදිරිපත් වුනේ. ඒක ජාතික සහ ජාත්‍යාන්තරව පිළිගත් ක්‍රමවේදයක්.

ඒ වගේම පළවෙනි වතාවට ඉන්දියාවේ ලෝඩ් පෝර්ට් රිපෝට් එක ලබා දෙන පරීක්ෂණාගාරය තහවුරු කරගන්නත්  කටයුතු කළේ මේ සැරේදි. මීට කලින් රිපෝට් එකක් ආවට ඒක තහවුරු කරගැනීමක් සිද්ධ වෙලා නෑ.  නමුත් මේ වසරේ පළවෙනි වතාවට ඒ ලැබ් එක තහවුරු කරගැනීකුත් සිද්ධ වෙලා තියනවා.

සමහර කාලවල ගල් අඟුරු ලෝඩ් පෝට් රිපෝට් නැතිවත් ඇවිත් තියනවා. ලෝඩ් පෝට් රිපෝට තිබුණත් ලංකාවේදි ඩිස්චාජ් රිපෝට් අරගෙනත් තැනිව භාර අරන් තියනවා.  මේ වනවිට ඩිස්චාර්ජ් රිපෝට් ලබා ගන්න වගකිවයුතු ලැබ් එකකුත් තියනවා. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වුනේ. ඒ නිසා අපි හිතනවා  කාටවත් මේ  ක්‍රියාවලියෙ ප්‍රශ්නයක් නෑ කියලා.

දැන් මේ ආපු නැවු 10න් නැව් 08ක් සම්පූර්ණයෙන්  බාලා අවසන් වෙලා තියෙන්නේ. ඉතිරි නැවේ   ගල් අඟුරු ගොඩබාමින් තිබෙනවා. අද රාත්‍රිය වනවිට ඒ ගොඩබෑම අවසන් කරන්න ලැබේවි.

ඉන් නැවු හයක වාර්තා ලැබිලා තියනවා. පළමු  නැවු තොගය මෙට්‍රික් ටොන් 59831ක ගල් අඟුරු තොගයක් . එහි තිබුණු ගල් අඟරුවල ප්‍රමිතිය අර සීමාවේ තිබුණෙ නෑ. ඒ නිසා දඩයක් අය කළා. අය කරපු දඩ මුදල  ඩොලර් මිලියන 2.07කි. කිලෝ කැලරි  5900ට වඩා අඩු නිසා තමයි දෙගුණයක් දඩ අය කළේ.

ඊලඟට ඉතිරි නැවු වලදි මෙහෙම දඩ අය කරන් තිබෙනවා. මොක කිලෝ කැලරි  5900 සහ 6150 අතර තිබුණු නිසා ඒවා හරවලා යවන ඒවා නොවෙයි. මේ සීමාව අතර තිබුණු නිසා  දෙවැනි නැවට ඩොලර් හාර ලක්ෂ තිස් හය දහස් එකක්, තුන්වැනි නැවට ඩොල්ර හාර ලක්ෂ  අසූ හතර දහස්  නවසිය විසි නවයක්, හතරවැනි නැවට ඩොලර් තුන් ලක්ෂ හතලිපන් දහස්  හයසිය පනස් දෙකක්,  පස්වන නැවට ඩොලර් පන් ලක්ෂ එකසිය අනූ දෙකක් , හය වෙනි නැවට ඩොලර් පන් ලක්ෂ දස දහස් පන්සිය හැත්තෑ හතක් ලෙස දඩ  මුදල් අය කරගෙන තියනවා. අපේ පිරිවිතරය වන කිලෝ ග්‍රෑමයට කිලෝ කැලරි පන්දහස් නවසීය සහ හය දහස් එකසිය පනහ අතර තියන නිසා. එම ගල් අඟුරු  භාවිතා කරනවා.  ඉහළ සීමාව  අතර තිබෙන නිසා  එක් ගුණයක දඩ මුදලක් අය කරන්  තියනවා. මෙහෙම තමයි සිද්ධ වෙන්නේ.  ඉතිරි වාර්තා තවමත් මගේ අතේ නෑ නෑ. ඒ අනුව කටයුතු සිදුවෙමින් පවතිනවා. මේක තමයි තත්ත්වය.

අපි මේ ක්‍රමයවේදය නිවැරදිව අනුගමනය කරලා තියනවා. ඒ අනුව  දැනට පවතින නීති රීති අනුව දඩ අයකගෙන තියනවා. ඒ වගේම මීට අමතරව මේ පරීක්ෂණ වාර්තාවල ඇතිවන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ මේ ඇති වෙලා   වෙනවා කියන පාඩුව ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා  මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල විද්වතුන්ගේ සහ අමාත්‍යාංශ නිලධාරින්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

මාධ්‍යය –  මේ වනවිට සිදුවන බව කියන පාඩුව විටින් විට විවිධ ආකාරයෙන් ගණනය කිරීම් කරනවා.  පරිසරයට වුන පාඩුව ගැන කියනවා. මෙෂින්වලට වුන පාඩුව ගැන කියනවා. අළු දහන නිසා වෙන හානිය ගැන කියනවා. මේ නිසා ඉතා ඉක්මනින් මේ වාර්තාව ඉදිරිපත් කරන්න වේවි ඇත්ත පාඩුව කීය ද කියලා. රජය ඒ සඳහා සූදානම් ද?

ඇමතිවරයා –  විෂයට සම්බන්ධ ප්‍රාමාණික විශේෂඥයින්ගේ  දැනුමට  එහා ගිය පාඩුවක් ගණනය කරපු අයට දැන්  පුලුවන්   තමන් ගණනය කළ ආකාරය මේ කමිටුවට ඉදිරිපත් කරන්න. ඒ අනුව ඒ ගණන් සත්‍යද කොහොමද රටට පාඩු වුනේ කියලා රටට දැනගන්න පුලුවන් වේවි.

මාධ්‍යය – ඔබතුමා කිව්වා දඩ අයකරගැනීමක් කරගත්තා කියලා. ඒ මුදල ඇත්තටම  අය කරලා ද තියෙන්නෙ. නැතිනම් ගෙවන්න නියමිතයි ද?.

ඇමතිවරයා- සාමාන්‍යයෙන් මේකේ වෙන්නේ අදාල නැවකට ගෙවිය යුතු මුදලින් සියයට 80ක් අදාල නැවකට ගල් අඟුරු  පැටෙව්වට පස්සේ ගෙවනවා.  ඉන් ඉතිරි කොටසින් මේක අඩු කරන් තියනවා. එහෙම තමයි මේක සිද්ධ වෙන්නේ.

මාධ්‍යය – බාල ගල් අඟුරුවලට ඔබතුමා කිව්වා ප්‍රමාණයක් අය කරගත්තා කියලා පළවෙනි නැවෙන්. ඒක අයකරගෙන ද තියෙන්නෙ.

ඇමතිවරයා – ඔව්… ඒක අය කරගෙන තියෙන්නේ.

දෙවැනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි නැවුවලත් ඔය කියන ආකාරයෙන් අය කරගෙන ද තිබෙන්නේ.

ඇමතිවරයා – ඔව්… අය කරන් තිබෙන්නේ.

මාධ්‍යය –  ලංකා විදුලි බල මණ්ඩලය ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවේ තිබෙනවා මේ වනවිට සිද්ධ වෙච්චි  පාඩුව රුපියල් මිලියන  7600ට වැඩියි කියලා.

ඇමතිවරයා – ඒ  විය හැකි පාඩුව

මාධ්‍යය –  ඔව්.. විය හැකි පාඩුව. මේ ආංශික අධීක්ෂණ සභාවට විදුලි බල මන්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා ඇති පාඩුව අය කරගැනීම්වලට වඩා අඩුද?. නැතිනම් වැඩිද?. සමාන ද?  

ඇමතිවරයා – තවමත් ඔය කියන ආකාරයට බලාගාරයේ ජනන යන්ත්‍රවලට හෝ ඊට අනුශාංගික කොටස්වලට සිදුවුනාය කියන හානිය සම්බන්ධයෙන්….  ඔය තිබෙන විය හැකි හානිය පිළිබඳව. එය ගණනය කිරීමක් නොවේ.  ඒ සඳහා තමයි මේ කමිටුවක් නම්  කරලා තිබෙන්නේ.  ජනන යන්ත්‍රවලට පාඩුවක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධව ගණනය කරලා වාර්තාවක්  ඉදිරිප් කරන්න.  දැනට තියෙන්නේ ඒ අය කළ පුරෝකථනයන්.  මෙසේ වුවහොත් මෙසේ විය හැකිය වැනි අනුමානයන්.

මාධ්‍යය – සමාගම සහ රජය අතර ගිවිසුවේ පැහැදිලිව තිබෙන බවට අපට වාර්තා වෙනවා  අවස්ථා දෙකක දී ගල් අඟුරු බාල ගල් අඟුරු බව තහවුරු වුනොත් ඉන් පසුව  රජයට ගිවිසුම අවලංගු කළ හැකියි. ඇයි නැවු අටක් ගේනකම් හිටියේ ඇයි. දෙකක් තුනක් රිජෙක්ට් වෙනකොට මේක අවලංගු  කළේ නැතිව ඇයි මේක දිගින් දිගටම පවත්වාගෙන යන්නේ?

ඇමතිවරයා –  පළමු එක තමයි ප්‍රතික්ෂේප කරන අවස්ථා දෙකක් තියනවා.  ඒ කියන්නෙ පැටවුම් වරායේ දී කිලෝ කැලරි 5900ට වඩා අඩුනම් ඒක කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. ඒක ලංකාවට එන්නෙත් නෑ. බාර ගන්නෙත් නෑ. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. මේ නැවු දහයම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5900ට වඩා වැඩියි.  ඒ අනුව තමයි එය ලංකාවට එන්නේ.

ලංකාවෙන් ගොඩබෑමෙන් අනතුරුව සාම්පල් අරන් පරීක්ෂා කළාම ඒ තියන වාර්තාවල කිලෝ කැලරි 5900ට අඩු නම් එතකොට දෙගුණයක් අය කරන්නේ. 5900 -6150 අතර නම් දඩ මුදලක් අය කරනවා. ඒක භාවිතා කළ හැකියි. ප්‍රතික්ෂේප කරන්න හේතුවක් වෙන්නේ නෑ. දැනට තිබෙන්නේ පලමු නැවේ පමණයි 5900ට අඩු තත්ත්වයක් වාර්තා වෙලා තියෙන්නේ. එය පමණයි ප්‍රතික්ෂේප කරන ගණයට අයත් වෙන්නෙ. එවැනි නැව් දෙකක තත්ත්වය බාල වුනොත්   තමයි ටෙන්ඩරය සම්බන්ධව සලකා බැලිය යුතු වන්නේ.

නමුත් දැනට ලැබී ඇති වාර්තා අනුව පළවෙනි නැවෙන් පස්සේ 2,3, 4, 5,6 කියන නැව්වලින් එකකවත් එහෙම වෙලා නෑ. ඒක තියෙන්නේ රේන්ජ් එකේ.  සාමාන්‍ය 5900ට වැඩි නම් ඒක බාර ගන්නවා. 5900 -6150 අතර මේ සියලු නැවු ටික තියනවා. ඒ නිසා මේ නැවු ටික බාර ගත්තා.

අනාගතයේ වෙන දේවල් ගැන කියන්න බෑ. වාර්තා අනුවයි ඒක බලන්න වෙන්නෙ. දැනට එහෙම ප්‍රශ්නයක් නෑ.

මාධ්‍යය – ගැටලුවක් තියනවනේ… පැටවීම් වරායේ වාර්තා සියල්ල නිවැරදි නම් ගොඩබෑමේ වාර්තා කොහොමද ප්‍රමිතියක් නැති වෙන්නේ.

ඇමතිවරයා – එය විය හැකියි. එහෙම වෙලා තියනවා.  එය වන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන් තවදුරටත්  අධ්‍යයනය කරන්න තමයි මේ සම්බන්ධව විශේෂඥ කමිටුවක් පත් කරන්නේ. මේ ලැබ් දෙකම   අපි තෝරා ගත්ත ඒවා නෙමෙයි. ලෝකයම පිළිගත් Accredited Lab. ඒ කියන්නේ ප්‍රතීතනය ලත් රසායානාගාර. අපි තෝරගත්ත ඒවා නෙමෙයි. ලෝකයම පිලිගත් Accreditation ලැබ්. සාමාන්‍යයෙන් ලැබ් එකක තියන වාර්තාවක තියන කෙටි පරස්පරයන් තිබෙන්න පුලුවන්. එය සමාන්‍යයෙන් පිළි ගන්නවා.  නමුත් මෙවැනි දේවල් සිදුවුනේ කොහොමද කියන එක තව දුරටත් අධ්‍යයනය කිරීමට මේවා කරන්නේ.

ඇත්තටම ගල් අඟුරු ගෙන ඒමේදී මෙවැනි සිදුවීම් අතීතයේදීත් සිදුවෙලා ඇති.  හැබැයි ඒවා කිසිදු පරීක්ෂාවකට ලක් වෙලා නෑ. මේක තමයි පළවෙනි අවස්ථාව ලෝඩ් පෝට් රිපෝට් එකකයි ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකකයි පරස්පරයක් වුනොත් මොකද කරන්නෙ කියලා සාකච්ඡාවට ලක් වෙන්නේ.

ඔබ මේ පළවෙනි වතාවට මේ ප්‍රශ්නය අපෙන් ඇහුවට ලංකාවට ගල් අඟුරු ගෙන්වා ගත්තේ අද ඊයේ නෙමෙයි. නොරොච්චෝලෙ පටන් ගත්ත දවසේ ඉඳලත් ගල් අඟුරු ඇවිත් තියනවා. කොහෙ හරි වරායකින් පටවලා තියනවා. ලංකාවට බාලා තියනවා. මෙහෙම දේවල් සිදුවෙලා තියනවා. මෙහෙම දේවල් සිදුවුනාට ඒවා වාර්තා කරන්න රිපෝට්වත් අරගෙන නෑ.

පළවෙනි වතාවට ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නිසි ක්‍රමවේදය හරියට අනුගමනය කළාම දැන් ඇවිත් තියනවා  ප්‍රශ්නයක්. ලෝඩ් පෝට් රිපෝට් එකේ සහ ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් එකේ ලැබ් රිපෝට් අතර  ප්‍රශ්නයක් ඇති වුනොත් මොකද කරන්නෙ කියලා. අපි ඒකට උත්තරයක් හොයාගමු. එහෙමයි නෙ  යන්න වෙන්නේ.

මේවා ලැබ් රිපොට් මොකුතු නැතිව ප්‍රසම්පාදන ක්‍රමවේදයක් නැතිව කරපු කාලේ මේවා ප්‍රශ්න වෙලා නෑ. ඒක ඇත්ත. ගොඩක් කෑ ගහන කට්ටිය කෑ ගහන්නේ ඒ ගොල්ලන්ගේ කාලේ ගල් අඟුරු ගෙනාවා. ගල් අඟුරු නිසා වෙච්චි වැඩක් නිසා නෙමෙයි. හරියට  පරීක්ෂා නොකළ නිසා වෙච්චි වැඩක් තමයි ඒ කාලේ සිද්ධ වුනේ.

මාධ්‍යය –  පසුගිය ආණ්ඩුවල  ගල් අඟුරු  සමාගම්වල ටෙන්ඩර් තමන්ගේ  ඥාතීන්ට   දුන්නා කියලා චෝදනා තියනවා. මේ සැරේ ඇමතිවරයාට චෝදනා එල්ල වුනා පාර්ලිමේන්තුවේ දි.  ඔහු අස් කරන්න  කියන තැනටම චෝදනා එල්ල වෙනවා. ඔහුගේ පරණ වැඩ කරපු තැන්වල දූෂණත් එළියට ඇදලා අරන් කතා කරනවා. එතකොට ඇමතිතුමා පරීක්ෂණයෙන් තහවුරු වුනොත් රජය මොකක්ද ගන්නේ පියවර. අවසානයේ මේ ජනතා මුදල් . ඔවුන්   දඩ මුදලක් විදිහට ඔවුන් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් අපට පාඩු වුනොත් කාගෙන්ද ඒක අපි අය කරගන්නේ.?. මොකක්ද ගන්න පියවර.

ඇමතිවරයා – රුපියල් බිලියන ගණනක ගනුදෙනුවක් මේක. මේ ඉදිරිපත් වන සැපයුම්කරුවන්  දහ දෙනාම ඉදිරිපත් වෙන්න ඇත්තේ ටෙන්ඩරය ලබා ගැනීමේ අරමුණින්.  ඒ දහ දෙනාගෙන් කෙනෙකුට විතරක්  ටෙන්ඩර් එක ලැබුණාම ඉතිරි නව දෙනාම ඔවුන්ට මේ ව්‍යාපාරයට එක්වීමට  නොහැකිවීම ගැන කණගාටුවක් තියෙන්න ඇති.  මම හිතනවා මාධ්‍ය නාලිකාවක් හැටියට ඔබට වඩා ඒ සැපයුම්කරුවන්ට මේ ගැන ප්‍රශ්නයක් තිබෙන්න ඇති මේක නොලැබීම සම්බන්ධයෙන්. නමුත් කිසිම කෙනෙක් අභියාචනා කළේ නෑ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දෝෂයක් තියනවා නම්, දේශපාලන ඇඟිලි ගැසීමක් තිබෙනවා නම්, ඇමතිවරයාගේ බලපෑමක් තිබෙනවා නම් ඒ සැපයුම්කරුවන්ට නීත්‍යානුකූලව  දින 14ක් ලබා දුන්නා අභියාචනා කරන්න.  මේ ඕනෑම අමාත්‍යාංශයක ටෙන්ඩරයක් කළාට පස්සේ අභියාචනය කරලා තමන්ට අසාධාරණයක් වුනා නම් ඒ අසාධාරණයට සාධාරණයක් කරගත් අවස්ථා තියනවා.

මේ ටෙන්ඩර් එකේ ඒ කිසිම දෙයක් වෙලා නෑ. ඒ කියන්නේ ඔබට වඩා ඒ සැපයුම්කරුවන්  ටෙන්ඩරය හරියට සිදුවුනා කියලා දන්නවා සහ විශ්වාස කරනවා.

මාධ්‍යය – ගණනය කළාට පස්සේ  පාඩුව වැඩි වුනොත් කවුද ඒකේ වගකීම බාරගන්නේ?

ඇමතිවරයා – දැනට ලංකාවෙ තියන  ක්‍රමවේදය අනුව මම කිව්වා සංඛ්‍යාලේඛනවලට අනුව මම සංඛ්‍යාලේඛනත් එක්ක කිව්වා දඩ අය කරගන්නා ක්‍රමවේදය. ඒක හදලා තියෙන්නේ අපේ ආණ්ඩුව ගත්තට පස්සේ නෙමෙයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය.  එක වෙලාවක  ඩොලර් මිලියන 7.88ක් අය කරන් තියනවා දඩ හැටියට. මේක තමයි ක්‍රමය.

ඔබ මට නොකීවත් කමක් නෑ. කල්පනා කරන්න. ලෝඩ් පෝට් Accreditade ලැබ් එකකින් ගන්න වාර්තාවක්, ලෝඩ් පෝට් රිපෝට් එක හරිනම් අතර මගදි මොකුත් වුනේ නැතිනම්    මේක බෑවට පස්සේ ඩිස්චාර්ජ් ලෝඩ් රිපෝට් එක  එනකම් මොකද කරන්නේ.    පැටවුම් වරායේ වාර්තාව දෝෂ සහිතනම් ඒක අපට ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. එහෙම වෙලා නෑ. ලැබ් එකත් පිළිගත්ත ලැබ් එකක්.  එහෙම ලැබ් එකකින් රිපෝට් අරන් තමයි මේ ගල් අඟුරු ගොඩබාලා තිබෙන්නේ. මෙතැනදි   ඒ ගල් අඟුරුවල සීමාව ඇතුළෙ තිබෙනකොට  ප්‍රමිතියේ දෝෂයක් වුනොත් කරන්න තියන එකම  දේ තමයි දඩ අය කරන එක. එහෙම කරනවා.

ඉතින් අපි බලමු. ඒ ඔස්සේ  ඊටත් වඩා  හානියක් වෙලා ද කියලා ගණනය කරන්න තමයි කමිටියක් දාලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම සැපයුම්කරුගෙන් අය කරගන්නවා. සැපයුම් කරු තව නැවු ප්‍රමාණයක් වාර්තා වෙනවා නම් එතනින් එහාට ක්‍රියාමාර්ග ගන්න සූදානම්.

ඒ වගේම  විදුලි බල අමාත්‍යාංශය පැත්තෙනුත් අපි මේ සම්බන්ධව තවත් ක්‍රියාවලියක් කරමින් ඉන්නවා. මේ ක්‍රියාවලියේ දී තවත් දෝෂ තිබුණා ද කියලා. ඒවත්  බලමු.

අපිට සහතික කරලා කියන්න පුලුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ලබා දීපු දින ගානෙදි , අභියාචනා කාලයේ දී  ගැටලුවක් වුනේ නෑ. පරීක්ෂණාගාරවල මෙම දත්තවල තිබෙන පරස්පරය සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවකුත් දාලා තියනවා.

ඒ සියලුම වාර්තා ආවට පස්සේ තමයි අපට තීන්දුවක් ගන්න වෙන්නේ මොකද වුනේ කියන එකට.

මාධ්‍යය – ගොඩබාන ලද ගල් අඟුරුවල මොකද කරන්නේ. මාර්තු 01 වැනිදා ඉඳලා මේ ගල් අඟුරු දාලා ජනනය කරන්න නියමිතයි කියලා.  බැරිවෙලා හරි මේ ගල් අඟුරුවලින් මෙෂින්වලට හානියක් වුනොත් අවසානයේ දී මොකද වෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයත් සියයට 13.5ක විදුලිය බිල ඉහළ දැමීමක් ඉල්ලා  තියනවා. අවසානයේ දී මේකත් ජනතාවගේ කරපිටින් යයි ද?

ඇමතිවරයා –  කිසිසේත්ම ජනතාවගේ කරපිටින් යන්න හේතුවක් නෑ. මෙවැනි ගනුදෙනුවලදී සැපයුම්කරු මත තමයි  ඒ පාඩුව යොදන්නෙ. සැපයුම්කරු තමයි පාඩුව දරාගත යුතු වෙන්නේ.

ඊලඟට දඩ ගැසීමක් කරලා තියනවා. සහ ඒ එක දඩයක් අය කරගත්තු එකම නැවක්වත් භාවිතයෙන් ඉවත් කරන්නෙ නෑ. ඒවා භාවිතා කරනවා.  5900ට වැඩි සහ  5900ට ආසන්නව තිබෙන ගල් අඟුරුත් පාවිච්චි කරනවා. පාවිච්චි නොකරනවා කියලා එකක් නෑ.  ඒ ක්‍රියාවලියේ දෝෂයක් උනොත් ඒකට පිළියම් හොයන්න ඕන.

මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වුනා නම් මේකට උත්තර හොයන්න අවුරුදු  15ක් මේ වැඩේ යන්නේ නෑ.  මා යළි යළිත් කියන්නේ එයයි.  ප්‍රසම්පාදනය හරියට වෙලා ලැබ් රිපෝට් හරියට ආවට පස්සේ මේ වෙන දේවල් ගැන අපි අවධානය යොමු කරනවා. ඒ ගැන අපි මැදිහත් වීමක් කරනවා.

මාධ්‍යය –  ගල් අඟුරු සපයන සමාගමට ලොකු  වගකීමක් තියනවා වසරටම අවශ්‍ය ගල් අඟුරු සපයන්න. මෙවැනි තොරතුරක් හුවමාරු වෙනවා මේ වාරකන් කාලය නිසා ගල් අඟුරු නැවු ප්‍රමාද නිසා අවශ්‍ය නැව් ප්‍රමාණය ලංකාවට ගේන්න බෑ කියලා.  විදුලි බිල වැඩිවීමේ  අවදානම කාරණා දෙකකින් මතු වෙනවා. එකක් බාල ගල් අඟුරු යොදලා යන්ත්‍ර සූත්‍රවලට වෙන පාඩුව විදුලි බිලට ඇතුළත් කරයි ද කියන කාරණය. දෙවැනි කාරණය අවශ්‍ය ගල් අඟුරු සම්පාදනය කරන්නට නොහැකි වුනොත්  ඩීසල් දහනය කරලා විදුලිය උත්පාදනය කරන්න සිද්ද වෙනවා. ඒ බර පාරිභෝගිකයාට පටවයි කියලා.  ඔබතුමාට වගකීමෙන් කියන්න පුලුවන්ද අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය සම්පාදනය කරන්නේ කොහොමද කියලා

ඇමතිවරයා – තව නැවු 15ක් එන්න නියමිත වෙලා තියනවා.  ලබා දීපු කාල වකවානු අනුව ඒ නැව් 15 එන්න පුලුවන් ප්‍රශ්නයක් නැතිව. ඒ වගේම යළි යළිත් කියන්නේ මේ පාඩුව ජනතාව මත පටවන්න රජයට අවශ්‍යතාවයක් නෑ.

ඒ වගේම විදුලි බල මණ්ඩලය  ඉදිරිපත් කරලා තියන විදුලි බිල වැඩිවීම සඳහා වූ යෝජනාව මේ ගල් අඟුරු එක්ක සම්බන්ධයකුත් නෑ.  ඒ වගේම රජයට අයත් මහජන උපයෝගීතා කොමිසම විසින් තමයි අවසානයේ  තීන්දුව ගන්නේ.  මා මෙය රජයට අයත් කියලා අවධාරණය කළේ විදුලි බිල වැඩි කරන්නේ විදුලි බල මණ්ඩලය. විදුලි මිල අඩු කරන්නේ හෝ පවත්වා ගන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම තමයි මේ තීන්දුව ගන්නේ. ඔවුන් එහෙම තීන්දුවක් ප්‍රකාශ කරලා නෑ. මේකත් එක්ක විදුලි බිල වැඩිවීමේ කිසිම සම්බන්ධයක් නෑ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාස එක හමාරක් තුළ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියදුරන් 30ක් මහනුවරින් අත් අඩංගුවට…

Next Post

මහපොළ ලොතරැයි වංචාව: වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.