ගල්කිස්ස උසාවි භූමියේ දී කුණුහරපයෙන් බනිමින් නින්දිත ලෙස හැසුරණ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් බව කියන ගුණරත්න වන්නිනායක නැමැත්තාට ගල්කිස්ස පොලිසියට පැමිණෙන ලෙස කළ කැඳවීම මහගැර ඔහු පලාගොස් සැඟවී සිටින බව පොලිසිය පවසයි.
පොලිසියේ දැන්වීම මත මේ තැනැත්තා ගල්කිස්ස පොලිසියට නොපැමිණි හෙයින් ඔහුව අත් අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වෙත පොලිස් කණ්ඩායමක් පැමිණියත් ඔහු නිවසේ නැති බව ද පොලිසිය පවසයි.
බොහෝ විට හෙට මෙම තැනැත්තා උසාවියට භාරවීමට ඉඩ ඇතැයි ද පොලිසිය පවසයි. “ලෝ කොලේජ්” එකේ තමන්ගේ “ජූනියර් බැච්” එකේ සිටි බව කියන පුද්ගලයෙකුට අමතා මචං.. ඩී.අයි.ජී කෙනෙක් එවපන්. මේ පරයා ඉන්ටර්ඩික් කරපන් ලෙස නියෝග කරන අතරම ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකුට කතා කර “මචං ප්‍රියන්ත… ඩී.අයි.ජී. කෙනෙක් එපවන්… මේකව ඉන්ටර්ඩික් කරපන්…” ආදී වශයෙන් දුරකථන ඇමතුම් දෙමින් වියරුවෙන් හැසිරුණ මේ නීතිඥයාගේ හැසිරීම පටිගත වී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග නීතිඥයාගේ මචංලාට කරගත හැකි දෙයක් නොවුන බව පොලිසියේ ආරංචි මාර්ගම කියයි.
කෙසේ වෙතත් මේ නීතිඥයාගේ “ප්‍රියන්ත මචං” හෝ අනෙක් “මචං” ගේ නියෝග මත ගල්කිස්සේ උසස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන සිවිල් ඇඳුමක් අන්දන්දවා උසාවියට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරන්නේ ඔහුව පොලිස් ඇපයක් මත නිදහස් කිරීමට අවස්ථාව තිබිය දී බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
රාජකාරියේ යෙදී සිටින නිල ඇඳුම් සහිත පොලිස් කොස්තාපල්වරයාට කුණු හරපයෙන් බැණ වදිමින් පිස්සු කෙළිනු ලැබු ගුණරත්න වන්නානයක නැමැති නීතිඥයාට එක් වචනයක් කීමට එතැන සිටි එකම උසස් පොලිස් නිලධාරයෙක් ඉදිරිපත් නොවීමත් ප්‍රකාශිත වීඩියෝ දර්ශන නිරීක්ෂණයේ දී කැපී පෙනුනි. මේ සිද්ධියත් සමගම ගල්කිස්ස පොලිසියේ එකම නීතිඥවරයෙක්වත් මෙම චූදිත පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී නොසිටීම නිසා ඔහුව සඳුදා (13) දක්වා බන්ධනාගාරගත විය.
කෙසේ වෙතත් මේ සිදුවූ සිද්ධියේ දී වියරු ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරියා දැඩි ලෙස ගර්හාවට ලක් කළ නීතිඥවරයාගේ හැසිරීමට එරෙහිව හෙට දිනයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ගල්කිස්ස උසාවිය අසලට පැමිණ නිහඬ විරෝධතාවයක යෙදීමට සූදානම්ව සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම මේ විෂම සිද්ධියට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ හඬ නැගූ සිවිල් ක්‍රියාකාරීන් විසින් සංවිධානය වෙමින් තවත් විශාල සිවිල් ජන පිරිසක් ගල්කිස්ස උසාවිය ඉදිරියේ නිහඬ විරෝධතාවය යෙදීමට ද සූදානම් බව ද එම ආරංචි මාර්ග සනාථ කරයි.







