දිනසේන රතුගමගේ –
මන්නාරමේ පේසාලේ ප්රදේශයේ සුළං විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම පිණිස පස් හා වැලි සාම්පල පරීක්ෂා කිරීමට ගිය නිලධාරීන් පිරිසකට පේසාලේ ජනතාව ඊයේ ( 6 ) පහර දීමට තැත් කොට ඔවුන්ව පලවා හැර තිබේ.
ගම්වාසීන් එක්ව ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.
නිලධාරීන් විසින් පර්යේෂණ කටයුතු සදහා ටැක්ටරයකින් රැගෙන යන ලද යන්ත්ර සූත්ර විනාශ කිරීමට පෙර වහාම එම භූමියෙන් පිටව යන ලෙස ගම්වාසීන් ඔවුන්ට තර්ජනය කොට තිබේ.
මේ පිළිබදව පොලීසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







