සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලට ගෙනෙන විශ්වාස භංගයට හේතු සජිත් කියයි

by Lanka Sara Editor
ජූනි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වසංගතයක් හේතුවෙන් රටේ සියලු ක්ෂේත්‍ර කඩාවැටී ඇති මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විපක්ෂය ගෙනයන නොනවතින අරගලයේ දිගුවක් ලෙස විෂයබාර ඇමති උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙන එන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට විපක්ෂයේ විරෝධය පළකරන හේතු කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය පහත දැක්වේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට අපි එරෙහි වන්නේ ඇයි?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි. රටේ සියලු ක්ශේත්‍ර කඩාවැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ කරමත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂික ය. දුර්දාන්ත ය.

මීට එරෙහිව විපක්ෂය හැටියට අප නොනැවතී අරගල කරන අතර විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගය එහි දිගුවකි. ආණ්ඩුවේ අන්තනෝමතික ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි වීමට හේතු කිහිපයක්ම තිබේ.

🔽 ලොව භයානකම ව්‍යසනයට අපේ රටද මුහුණ දී සිටින මොහොතේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම නොව ජනතාවට සහනයක් ලබා දීමය.

2020 වසරේදී ලොව අසීමිත ලෙස ඉන්ධන මිල පහල යද්දිත් එම වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුට මේ මොහොතේ හෝ එය ක්‍රියාත්මක කිරීමට තිබුණි.

🔽 වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ඉන්ධන මිල තිබුණේ 2015 වසරේ අප විසින් ආණ්ඩුව භාරගන්නා විට තිබුණු මිලටත් වඩා අඩු මිලකිනි.නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට ඉන්ධන මිල අසාමාන්‍ය අගයකින් ඉහල දමා තිබේ.

🔽 පසුගිය අපේ ආණ්ඩුව වකවානුවේ ක්‍රියාවට නංවා තිබූ මිල සූත්‍රය ප්‍රකාරව කටයුතු කළා නම් ලෝකයේ ඉන්ධන මිල බරපතළ ලෙස අඩු වූ 2020 වසරේ පවා එකී වාසිය ජනතාවට අසාමාන්‍ය ලෙස ලබා ගැනීමට හැකියාව තිබුණි.

නමුත් එකී මිල සූත්‍රය අහෝසි කරන බවට පවසමින් බලයට පත් ආණ්ඩුව ඉන්ධන මිලෙන් ද ජනතාවගේ ගෙල සිර කොට තිබේ.

🔽මේ ඉන්ධන මිල වැඩි වීමත් සමගම ඉතා ඉක්මනින් රටේ සමස්ත ක්ෂේත්‍රයන්හි මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි අතර එහි වින්දිතයින් බවට පත් වන්නේ මේ රටේ අහිංසක අසරණ ජනතාව ය.

🔽මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කරන බව පවසමින් 2020 ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වූ වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව අදාල අරමුදලට සිදු කළේ කුමක් දැයි යන්න පවා නිශ්චිත පැහැදිලි පිළිතුරක් රටට ලබා දී නැත.

🔽2008 වසරේදී ඉන්ධන මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා ලබා දුන්න ද එම තීන්දුව පවා එවක ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළ ආණ්ඩුව මේ බරපතළ වියසනය මොහොතේ ජනතාවගේ ගෙල සිර කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව හි පවත්නා අමානුෂික ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

දෙවසරක් තිස්සේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති රටක,ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් පවා අහිමිව ගොස් අන්ත අසරණ දරු පරපුරක් සිටින රටක,පොහොර අහිමි වූ ගොවියන් සුසුම් හෙළමින් සිටින රටක ,ධීවරයින්ට සිය මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින රටක ,රාජ්‍ය සේවකයින් මෙන්ම පෞද්ගලික අංශ සේවකයින් ද අන්ත අසරණව සිටින රටක ,රැකියා අහිමි වූ තරුණ පරපුර අපේක්ෂා භංග ව සිටින රටක වගකිවයුතු ආණ්ඩුවක් හැසිරෙන්නේ මෙලෙස නම් ඊට එරෙහිව නැගී සිටීමට විපක්ෂයේ අප කිසිවිටෙකත් පසුබට නොවන බව සහතික කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත කුරුණෑගල රියදුරෙක් එන්නත් මාත්‍රා 02ම අරන්…

Next Post

රනිල් දිරච්ච ගහක් වගේ කඩාවැටුණු දේශපාලකයෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.