ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද සොයාගත් බවය.
එම පිස්තෝලය පසුගිය වසරේ අරගල සමයේදී ගිනි තබන ලද පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රිගේ නිවසේ තිබී සොරකම් කරන ලද්දක් බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.