ගම්පහ නිරෝධායන ඇඳිරි නීතියට යටත් ප්‍රදේශවල සිට පිට පලාත්වල පාසල් ගිය ළමුන්ට ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටීම සඳහා එම ප්‍රදේශ තුළ ම විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයෙන් අද ඉල්ලීමක් කළේය.
ඒ මේ වන විට පැවැත්විණ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සැසිවාරයට සහභාගි වෙමිනි.
එහිදී පිළිතුරු දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව සලකා බලන බවයි.
එම සාකච්ඡාවට විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සෞඛ්‍ය බලධාරීන් ද සහභාගී වී සිටින බව හෙතෙම කියා සිටියේය.