අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ මිනිස්සුන්ට මරණ වරෙන්තු ලියූ දොස්තර හෙර

බෙහෙත් ගත්ත නම් ජීවිතය බේරගන්න - ලඟම ඉන්නා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවන්න...

by editor
මාර්තු 2, 2021
in පුවත්
ව්‍යාජ ලෙස වෛද්‍යවරියක් ලෙසින් පෙනී සිටි කාන්තාව

ව්‍යාජ ලෙස වෛද්‍යවරියක් ලෙසින් පෙනී සිටි කාන්තාව

Share on FacebookShare on Twitter

ජීවිතය බේරා ගැනීම සඳහා ඒ දොස්තර නෝනා සොයාගෙන ගිය ලෙඩ්ඩු දැන් ජීවිත අවදානමේය.  ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් සේ පෙනී සිටිමින් මාරක ගනුදෙණුවක් කළ මිනුවන්ගොඩ දොස්තර හෙර මහා ව්‍යසනයක් නිර්මාණය කර ඇත.  වැරදි රෝග විනිශ්චය, වැරදි ප්‍රතිකාර, වැරදි ඖෂධ ලබා දීම හරහා මේ වනවිට ඇයගේ ප්‍රතිකාර සඳහා යොමු වූ රෝගීන් සියල්ලන්ම ජීවිත අවදානමකය.

මේ වනවිට එම රෝගීන් සොයා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සක්‍රීයව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් ඇත.  සිය දහස් ගණනකගේ ජීවිත මේ අශිෂ්ට අවදානමට හෙළූ ඇය සම්බන්ධව පොලිස් පරීක්ෂණ මගින් දැනට හෙළි වී ඇති කතාව මෙසේය.

  • ලෙඩ්ඩු ලඟට ගිහින් බෙහෙත් කරන මහාචාර්ය විශේෂඥවරිය

එක්තරා අපූරු  ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරියක් , කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක් මෙන්ම   මහාචාර්යයවරියක් රෝගීන්ගේ නිවෙසටම ගොස් ප්‍රතිකාර ලබා  දෙමින් සිටියාය.  කිසිම ප්‍රධාන පෙළේ රෝහලක ප්‍රතිකාර නොකළ ඇය ප්‍රතිකාර කළේ මිනිසුන්ගේ දෙපා මුලට ගොස්ය. එපමණක් නොව අති විශේෂ සිදුවීමක් ද විය. එනම් ලංකාවේ මුල්ම වරට අංශ දෙකකින් විශේෂඥවීමට ලංකාවේ පුද්ගලයෙකුට හැකි වී තිබිණි.

එය නම් මේ සමාජයේ විරල ගුණයක් නිසා මිනිසුන් හිටියේත් මවිතයෙනි.   ගම්පහ මිනුවන්ගොඩ සහ මීගමුව පෙදෙස්වල ඇයට පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන තිබිණි. ඒ   හරහා ද ඇය රෝගී ප්‍රතිකාර කළාය. එච්.කේ. අයි හෙට්ටිආරච්චි  නමින් පෙනී සිටි ඇයගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය 18565 ලෙස සඳහන් විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඇත්තටම ඒ නමින් ලියාපදිංචි අංක 18565 යටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  ලියාපදිංචිව සිටියේ    එච් කේ හෙට්ටිආරච්චි හෙවත් හිරෝෂිණී කෞශල්‍යා හෙට්ටිආරච්චි නැමැති වෛද්‍යවරියකි. නමුත් ඇය මහනුවර ජාතික රෝහලේ හතේ වාට්ටුවේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය නිළධාරිනියකි.

ඇය වෛද්‍යවරියක ලෙස පත්වීම ලබන්නේ  දෙදහස් දෙකේ අප්‍රේල් පළමුවැනි දාය. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනි.   ඇය දෙදහස් තුන වසරේ‌ සිට සීමාවාසික පුහුණුව ලබා දෙදහස් හතරේ පෙබරවාරි තුන්වැනි දින ශ්‍රිලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුනාය.

වෛද්‍ය වෘත්තියට පවිසුණු ඇය  ගම්පොළ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක   ලෙසද මහනුවර දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරියක   ලෙසත් , පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස සේවය කළාය.   පොළොන්නරුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියාන් කුරුකුලසූරිය  ඇයගේ ස්වාමියාය.  ස්වාමියාගේ විශේෂ පුහුණුව සඳහා දෙවසරක් විදේශගත වන ඇය දෙදහස් පහළොවේ මැයි මස සිට නැවත    මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක හතෙහි  ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිළධාරියක් ලෙස සේවය ඇරඹුවාය.  මේ වන තුරුත් සේවයේ යෙදී සිටින්නීය.

  • දොස්තර හෙර ගැන ආරංචිය

මේ අතර වෛද්‍ය සභාවේ  ලියාපදිංචි අංක 18565 දරන එච්.කේ. හෙට්ටිආරච්චි නම්  වෛද්‍යවරියක් මිනුවන්ගොඩ පැත්තේ වෙසෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක ලෙසත් මහාචාර්යවරියක ලෙසත් පෙනී සිට රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කරන පුවත්ක් වාර්තා විය.  මේ ආරංචිය ලැබෙන්නේ  ඉකුත් පෙබරවාරි දහහත්වැනිදාය. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයෙන් වෛද්‍ය වෘත්තියට පිවිසි   ළමා විශේෂඥ වෛද්‍යවරයකු දුන් තොරතුරක් හරහාය.

මහනුවර රෝහලේ ප්‍රසව හා නාරිරෝග වෛද්‍යවරියක වන එච්කේ හෙට්ටිආරච්චි මේ තොරතුරෙන් තැති ගත්තාය. තමන්ගේ ලියාපදිංචි අංකය භාවිත කර තමන්ගේ නම යොදා ගනිමින් කවුරුන් හෝ කරන මේ අවකල් ක්‍රියාවෙන් කම්පාවට පත් විය.

“ අපට මේ ආරංචිය එන්නෙ මට කණ්ඩායම් දෙකකට බාල, විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන්… ඔහු කතා කරලා මගෙන් ඇහුවා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය. 18 565 බව මම කී විට, අදාල ළමා විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා ඒ අංකයටම වෙනත් මහාචාර්යයවරියක් ඉන්නවා. එයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බවට සඳහන් විසිටින් කාර්ඩ් එකක් මගෙ ලඟ තියනවා.    මෙම මහාචාර්යයවරිය ලෙස සදහන් අය නිවෙසටම ගොස් ප්‍රතිකාර කරනවා කියලත්   ඔහු කියා සිටියා.

වෛද්‍ය වෘත්තිය අනුව , මහාචාර්යයවරු නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර ලබා දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ තැනැත්තිය බිහිසුණු වැරදි ගණනාවක් කරලා තිබුණා.

ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහනුවර රෝහලේ වෛද්‍යහිරෝෂිණී කෞශල්‍යා හෙට්ටිආරච්චි… හොර දොස්තර හොරකම් කළේ ඇයගේ අනන්‍යතාවයයි…

“මේ පණිවිඩයට අනුව, අපි ඇයගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කළා. ඇය පෙනුමෙන් මට සමානකමක් තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් බවද සඳහන් . කැලිෆෝනියා විශ්ව විදයාලයෙන් ඉගෙන ගත් බවද සඳහන්. “

“මෙතන සැකය ඉස්මතු වූ කරුණු කිහිපයක්ම තිබුණා. එක ඇයගේ ගිණුමේ සඳහන් වෙනවා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය කියලා. මෙලෙස අංශ දෙකක විශේෂඥ වෛද්‍ය සේවයේ නියැලෙන කිසිවෙක් ලංකාවේ තවම බිහිවී නැහැ. අනෙත් කරුණ තමයි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙසත් මහාචාර්යය ලෙසත් ඇයව හඳුන්වනවා . මහාචාර්යය තනතුරට උසස් වූ විට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය යැයි භාවිත කරන්නේ නැහැ. මේ සියළුම කරුණු මත සැකය වැඩි වුණා. “

මට ෆේස් බුක් ගිණුමක් නැති නිසා මගේ ස්වාමියා ගේ ගිණුමෙන් ඇය හා මිතුරු වීම සඳහා ඉල්ලුම් කලා. ටිකවේලාවකින් මගේ නමින් පෙනී සිටි   ඇය අපේ ඉල්ලීම අනුමත කළා. එසැනින් ඇයගේ ගිණුමේ සඳහන් දෑ අපට බලා ගන්න පහසු වුණා. විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බව ගිණුමේ සඳහන්ව තිබුණා. ඇය උපාධිය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් ගිණුමට යොදා තිබුණා. ඇයගේ ලෝගුවේ මැද පටිය දුඹුරු පාටයි. නමුත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ලෝගුව සමග වන පටිය (garlend )දම් පාට බව කවුරුත් දන්නවා.  ඇය මිනුවන්ගොඩ( familycare medical center) පවුලේ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත්, මගේ අංකය භාවිත කරන බවටත් වූ තොරතු  රැසක් දැක ගත හැකි වුණා. ඒ තොරතුරු සියල්ල මම කොපි කරගත්තා. “

“මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතාට මේ සියළු කරුණු ඉදිරිපත් කළා. අනතුරුව  ඔහු මගින් , වෛද්‍ය සභාවටත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය‌ෙස්වා අංශයටත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයටත්  පැමිණිලි කලා. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට සහ මිනුවන්ගොඩ වෛද්‍ය නිළධාරි කාර්යාලයට ද මේ බව දැනුම් දුන්නා. “

“මම පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නේ නැහැ. පුද්ගලික රෝහල් දෙකක විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකු සඳහා සහාය වීමට ශල්‍යාගාර වෙත විටින් විට යන අවස්ථා තිබෙනවා. ඒ හැර මම පුද්ගලිකව මුදලට ප්‍රතිකාර නොකරන වෛද්‍යවරියක්.“

  • මාරක ප්‍රතිකාර

ඇය මිනුවන්ගොඩ ගම්පහ සහ මීගමුව යන ප්‍රදේශවල ජනතාවට ප්‍රතිකාර ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් රෝග ප්‍රතිකාර ඖෂධ වට්ටෝරු වලින් ලබා දි ඇති ඖෂධ අතුරු ආබාධ සහිත ඒවා බවට දුටු හැටියේ නිගමනය වෙනවා. මෙවන් ප්‍රතිකාර ලබා ගත් රෝගින් කොපමණ සිටිනවාද යන්න තවම සොයා ගෙන නැහැ. එය ඇත්තෙන්ම බරපතල තත්ත්වයක් . මේ නිසා ඇයගෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගින් වහාම සැබෑ වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමුවන්න. තමන් මුහුණ දුන් අත්දැකීම හෝ දැනුම් දී මේ වන විට පාවිච්චි කළ ඖෂධ පිළිබඳව දැනුම්වත් වීම සඳහා එය අත්‍යාවශ්‍ය බව සිතන්න. සිරුර අභ්‍යන්තරයට ඖෂධයක් ලබා‌ දෙනවා කියන්නේ එහි ප්‍රතිඵල දවසින් දෙකෙන් නොව වසරක් ගිය පසු වුවත් පැමිණිය හැකි තත්ත්වයක් තිබෙනවා. එබැවින් වහාම වෛද්‍ය උපදෙස් හෝ ලබා ගැනීමට ඉක්මන් වන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ..” වෛද්‍යවරිය සිය ඇත්දැකීම කීවාය.

  • මහනුවර පොලිසියට

17 වැනි දින සිදු වූ මේ සිදුවීමට අදාල සියලු තොරතුරු සහිතව එච්කේ හෙට්ටිආරච්චි වෛද්‍යවරිය පෙබරවාරි 18 වැනි දින මහනුවර පොලිසිය වෙත යන්නීය. මහනුවර පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධර්මප්‍රිය   වෙතද යන ඇය විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනූෂ පියදාස   හමුවේ  සිද්ධිය පැමිණිලි කරන්නීය.

මහනුවර පොලිසිය මගින් මිනුවන්ගොඩ පොලිසිය දැනුවත් කොට අදාල සැකකාරිය ගෙන්වා ගැනීම පිණිස කටයුතු කර තිබිණි. ඉකුත් ඉරිදා දින ඇය ගෙන්වා ගැනීමට කටයුතු කළ ද ඇය පැමිණියේ නැත. මේ පිළිබඳව වෛද්‍යවරිය  මාධ්‍ය දැනුවත් කළාය.

මේ අවස්ථාවේ දී මාධ්‍යවේදියකු විසින් මිනුවන්ගොඩ ව්‍යාජ වෛද්‍යවරියට   දුරකතන ඇමතුමක් ලබා දෙමින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පැවසුවේය. එවිට ඇය පවසා ඇත්තේ මේ වන විට ඇය  හදිසි වැඩකටයුතු කිහිපයකට ගොස් සිටින බවය. කාලය වෙන් කර දිය හැක්කේ අඟහරුවාදා බවද  ප්‍රතිකාර සඳහා රුපියල් එක්දහස් පන්සියයක මුදලක් ගෙවිය යුතු බවද ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන ඖෂධ ලබා දෙන බවද ඇය දුරකතනයෙන් පැවසුවාය. මේ අනුව පොලිසියත්  ඇය නුවරට පැමිණෙන තුරු බලා සිටියේය. ඇය නුවරට ආවේ විසිදෙවැනිදා සදුඳාය.

ඒ වන විට ඇය සිට ෆේස්බුක් ගිණුම වෙනස් කිරිමටද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය වෙනස් කිරිමටද කටයුතු කර තිබිණි. ඇය යොදා තිබූ නව අංකයද   ව්‍යාජ අංකයක් බව තහවුරු විය.  මේ සම්බන්ධයෙන් ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්   දැනුවත් කිරීමට කටයුතු යෙදිනි.   ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත යොමු කිරීමට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළේය.

විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස් බී ගුරුනායකය.  ඔහු ගේ මෙහෙයවීමෙන් අදාල විමර්ශන ආරම්භ විය.    ඒ වන විට සැකකාර කාන්තාව මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැමිණ සිටියාය. විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඇය රඳවාගෙන ප්‍රශ්න කළේය.  ඊට පසුදින පොලිසිය සැකකාරිය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   වෙත ඉදිරිපත් කර තිබිණි.

පොලිසිය  විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව “ මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම විහිළුවක්දැ” යි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ  විවෘත අධිකරණයේදිය. දින දහහතරක් හෙවත් මාර්තු දහවැනි දින තෙක් සැකකාරිය   රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

  • අතුරු කතා

මෙහි ඇසෙන තවත් අතුරු කතා රැසක් තිබේ. ඇය ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස මිනුවන්ගොඩ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත මෙයට වසරකට පෙර ගොස් ඇති බර්ටි ප්‍රේමදාස නැමැත්තෙකු විසින් ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යයාලය වෙත පැමිණිල්ලක් කර තිබේ. පැමිණිල්ලෙහි සඳහන් පරිදි ඇය වෛද්‍යවරියක් දැයි සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙසත්ය. නමුත් එම පැමිණිල්ලට සිදුවූ දෙයක් නැත. තවද , මේ වන විට ඇයගෙන් ප්‍රතිකාර ලබා ගත් ඇතැම් පිරිස් මිනුවන්ගොඩ සහ ගම්පහ පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට කටයුතු කළ ද පොලිස් ස්ථාන මගින් එම පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කර නැති බව එහි යන උදවිය කියා සිටිති.

මේ සම්බන්ධයෙන් විමසීමේදි ගම්පහ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කොට සිටියේ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගම්පහ පොලිසිය වෙත කිසිවෙකු නොපැමිණි බවය. මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති    දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත් නමුත්  සම්බන්ධ කරගත නොහැකි විය.    මිනුවන්ගොඩ පොලිසියේ සන්නිවේදන අංශයේ නිළධාරිවරයා  කියා සිටියේ, මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා   බවය.

තත්ත්වය එසේ වුවත් මෙහි නොපෙනෙන අවධානමක් ඇති සැටියෙන් ඇත්තේ , වෛද්‍ය විද්‍යාව නොදන්නා අයකු විසින් රෝගින්ට ප්‍රතිකාර ලබා දි ඇති නිසාය. මුදල් පසුපස හඹා යමින්  කර ඇති මේ පාපය කවරදාක හෝ පටිසන් දෙනු ඇත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය පාදෙණියගේ ඉල්ලීමට අගමැති එකඟ වෙයි

Next Post

සාපෙළ අගෝස්තුවේ – උපෙළ දෙසැම්බරයේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.