කීර්ති ප්රනාන්දු –
ගම්පහ මාකෙවිට ප්රදේශයෙන් අද (21) ද්විත්ව මිනී මැරුමක් වාර්තා විය.
සිය 50 හැවිරිදි බිරිය ගෙල කපා මරා දමා 60 හැවිරිදි සැමියා සිය දිවිනසාගෙන තිබිණි.
අද ( 21) පෙරවරුවේ මෙම නිවස තුළ සිදුවූ සිදුවීමක් පිළිබඳව අසල්වාසීන් පොලිසිට දැනුම් දීමෙන් පසු පොලිසිය පැමිණ නිවසේ දොරගුලු විවර කරද්දී මේ සිදුවීම වාර්තා වී තිබිණි.
මරණයට පත්ව ඇත්තේ සියඹලාපිටියගේ දොන් ෂෙල්ටන් ඇලෙක්සැන්ඩර් (60) සහ පරහගගොඩ ලියනගේ තුෂාරි ප්රියංකා නැමැති දෙදෙනෙකි.
මිය ගිය දෙදෙනාට දියණියක් සිටින බවත් ඇය මේ සිද්ධිය වනවිට කොළඹ ප්රදේශයේ රැකියාවක නිරතව සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
පවුල් ආරවුලක ප්රතිඵලයක් ලෙස මෙම මිනී මැරුම සිදුවන්ට ඇතැයි පොලිසිය සැක කරයි.
වැඩිදුර විමර්ශන ගම්පහ පොලිසීය මගින් පවත්වාගෙන යනු ලබයි.