කොළඹ විශ්ව විද්‍යාලයයේ ශත සංවත්සර උත්සවයට අදාළ කටයුත්තක් සඳහා කොහුවල ශබ්දාගාරයක පටිගත කිරීමකට සහභාගී වූ එම විශ්ව විද්‍යාලයයේ පීඨයේ සිසුන් අට දෙනකු කොවිඩ් 19 ආසාදනයට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම සිසුන් පසුගිය 12 වැනිදා මෙම පටිගත කිරීමට එකවර සහභාගී ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සිසුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කොට ඇති අතර ඔවුන් පටිගත කිරීම් සිදු කළ ශබ්දාගාරය මේ වනවිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම සරසවි සිසුන් පෞද්ගලික සාදයකට ගොස් රෝගය ආසාදනය වූ බවට ප්‍රකාශ කළද ඔවුන්ගේ දෙමාපියන් පවසන්නේ ඔවුන් කිසිසේත් එවැනි සාදයකට නොගිය බවය.