කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
ගම්පහ මහාධිකරණ අංක 01 විනිසුරුවරයා, මුඩ්ලියර් වරයා, ඇතුළු උසාවි කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් නිරෝධායනය කිරීමට ඊයේ ( 11) සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබිණි.
විනිසුරු වරයාගේ ආරක්ෂක රාජකාරියේ සිටි පොලිස් නිලධාරියා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමග මෙම තීන්දුව ගත්බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වාර්තා කළේය. උගුරේ ආසාදනයකින් පෙළෙමින් සිටි ආරක්ෂක නිලධාරියා ගම්පහ මහ රෝහලට යොමු කර රැපික් ඇන්ටිජන් පරීක්ෂණයක් කිරීමෙන් පසු ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීම නිසා මෙම තීන්දුව ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ වනවිට ගම්පහ අංක 1 අධිකරණ සංකීර්ණය විෂබීජ හරණය කර එම පුද්ගලයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනය කර ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.