කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථාන 6හි ඇඳන් 511ම පිරී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් හමුවන්නේ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
මේ වනවට ගම්ප දිස්ත්‍රික්කයේ ඉතා වේගයනේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ආරම්භ වීමට පටන් ගෙන ඇති බවත් අද සවස රොගීන් 27ක් කෝපායි කොවිඩ් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සූදානම් කර ඇති බවත් එම ප්‍රකාශකයා කියයි.
අද දහවල් 12වන විට ඇඳන් 475ක් රෝගීන්ගෙන් පිරී තිබිණි.