අද (18) පෙරවරු 6.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්තයෙන් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2293ක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2074ක් බවත් එහි දැක්වේ.
අනුව ගතවූ පැය 24 ඇතුළත වරාය තුළ සිරව තිබූ බහාලුම් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් මුදා හැරීමට වරාය, රේගුව ඇතුළ අංශ කටයුතු කළ ආකාරය අමාත්‍යාංශ නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පර්යන්තවලින් පිටවූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිටවී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය සැලකිය යුතු ලෙස අඩු වී නැති බවය.







