අත්අඩංගුවට පත් ගජේන්ද්ර කුමාර පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ පරස්පරතා තිබුණත් වරප්‍රසාද පනත යටතේ ඔහුට පාර්ලිමේන්තුවට පැමිණිමේ අයිතිය තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අත්අඩංගුවට ගත් හේතුව කුමක් වුවත් ඔහුට හිමි වරප්‍රසාද තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2015 මාර්තු 3 වැනි අගහරුවාදා එවක කතානායක ලෙස සිටි චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේනතු මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන පැහැදිලි තීන්දුවක් දී ඇති බවත් එය හැන්සාඩ් ගත වී ඇති බවත් පැවසීය.
එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔහුගේ වරප්‍රසාද සුරකින ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.