මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ බුලත්සිංහල මූලික හා ප්‍රධාන මාර්ගය දඹල ඇටඹ ගස් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මාර්ගය ජලයෙනි අවහිර වීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන්නන් අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ඔරු අඟුල් භාවිත කරමින් විභාගයට මුහුණ දීම සඳහා යන අයුරු දක්නට ලැබුණි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් අද (06) උදෑසන සිසූහු මෙසේ අඟුල් භාවිතයෙන් විභාගය සඳහා පිටත්ව ගියහ.
අද උදෑසන වෙන විට වන විට කුකුලේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවර කර තිබිණි.
මේ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු මාර්ග ජලයෙන් යට වී ඇත.







