මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය නගරයට ආසන්නව දිනයකට ආසන්න කාලයක් ගංවතුර හේතුවෙන් ලොරියක සිරවී සිටි රියදුරෙකුගේ ජීවිතය බේරා ගැනීමට වැලිකන්ද ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීහු අද (27) සමත් වූහ.
ගංවතුර මධ්‍යයේ එම ලොරිය පොළොන්නරුව දෙසට ධාවනය කිරීමට යෑමේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමත් සමඟ එම රියදුරා ගංවතුරට කොටුවී සිටියේය.
පසුව මේ පිළිබඳව යුද හමුදා නිලධාරීන් දැනුවත්වීමත් සමඟ යුද හමුදා නිලධාරීන් පිරිසක් ටියුබ් ආධාරයෙන් ලොරි රථය අසලට ගොස් රියදුරා නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළහ.







