කෝටි දහයක් ගෙවන්න කිසිසේත්ම මට බෑ… මට එච්චර වත්කමක් නෑ – හිටපු ජනාධිපති කියයි!

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා ගරු කරන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිසේත්ම වත්කමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවසුවේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපතිවරයාව සිටින වකවානුවෙත් පාර්ලිමේන්තවට ඉදිරිපත් කළ බව කී හිටපු ජනාධිපතිවරයා එය ඕනෑම කෙනෙකුට බලා ගත හැකි පව පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තුළ වන්දි මුදල ගෙවීමට තමන්ට හිවත් පිරිසක් මුදල් එකතු කිරීමට තීරණය කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය.


මේ ප්‍රහාරය සම්බන්ධව කිසිම කෙනෙක් තමන්ව දැනුම්වත් කර නැති බව යළි යළිත් ප්‍රකාශ කරන්නේ යැයි කී හිටපු ජනාධිපතිවරයා මෙම වන්දිය ගෙවන්නට තමන්ට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් පත් කළ නිලධාරීන් යම් වරදක් සිදුකළහොත් එහි වගකීම ජනාධිපතිවරයාටත් පැවරෙන බවට වූ නඩු තීන්දුවක් මත පදනම්ව බව කීවේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“මේ නඩු තීන්දුව ගැන කතා කරනවිට පළමුවැනි දේ තමයි නීතියට ගරු කරන්න ඕනේ. අධිකරණයේ තීන්දු සඳහා හිස නමන කෙනෙක් මම.
මේ සිද්ධිය වෙනකොට මම හිටියේ පිටරට සිංගප්පූරුවේ රෝහලේ. අනත්ත අප්‍රමාණ මම කිව්වා, මේ සිදුවීම පිළිබඳව ආරක්ෂ අංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණාට ඒ කිසිදු නිලධාරීයෙක් මට මේ ගැන කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා. මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා.
ඊළඟට ඔබට සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති. ඔත්තු සේවා අධ්‍යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තියෙන්නේ.
කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද කියලා ?. කිසිදු ආදායමක් නැහැ. මගේ වත්කම් ප්‍රකාශනය හැම අවුරුද්දේම මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා.
මම ජනාධිපතිවෙලා හිටපු අවුරුදු 5ත් හැම අවුරුද්දේම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශනය. ඉතින් මගේ වත්කම් ප්‍රකාශනය ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ. ඕනේ නම් අරගෙන බලන්නත් පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මගේ මිත්‍රයෙක් තීරණය කරලා තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහායෝගය ගන්නයි.
මම පුද්ගලිකව කියනවා මට නම් මොන විදිහේ අභියෝග ආවත් මගේ දෙපා මුලට හෙණ හැහුවත් මට වැදෙන්නේ නැහැ. ඒ ඕනෑම අභියෝගයකට මම සිනාමුසු මුහුණෙන් මුහුණ දෙනවා.”

මේ කතාවත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාස 06ක් තුළ පාස්කු නඩුවේ වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාට වෙන දේ….

Exit mobile version