චීනයේ සී.අයි.ටී අයි.සී බැංකුවේ හිටපු සභාපතිවරයා ඇමරිකානු ඩොලර් මිලියන 154ක අල්ලස් ගැනීමකට වරදකරු වී තිබේ.
සන් ඩේශුන් නැමති මෙම බැංකු ප්‍රධානියා අවස්ථා රැසකදී සිය නිල තනතුරු වල බලය පාවිච්චි කර විශේෂ සැලකීම් කර ඇති බවත් ඒ සඳහා අල්ලස් ලබාගෙන ඇති බවත් චීන අධිකරණයකදී ඔප්පු වී ඇත.
අදාල බැංකු නිලධාරියා අල්ලස් මත බැංකු ණය, සහ මූල්‍ය පහසුකම් ලබාදීම් කර ඇති බවටද අධිකරණය ඉදිරියේදී ඔප්පු වී තිබේ.







