පකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ අල කන්ටේනරයක රහසිගතව සඟවා ගෙන්වා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් දාසයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව අද (22) අළුයම සමත්ව තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 500ට අධික බවට රේතුව විශ්වාස කරන අතර රෙගුවට ලද තොරතුරක් මත කනටේනරය පරීක්සා කර ඇත.
එහිදී එම කන්ටේනරයේ ශීතකරණය තුළ මෙම හෙරොයින් සඟවා තිබී ඇති අතර අල ගෙන්වූ සමාගමේ එක් පුද්ගලයකුද රේතුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. .
ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත මෙම හෙරොයින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මේ වනවිට ඉදිරි විමර්ශන කටයතු අරම්භ වී ඇති බව රේගු ආරංචි මාර්ග කියයි.