සුමිත් පොතුපිටිය –
යුධහමුදා බස් රථයකට යටවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් දැරියගේ මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බන්ඩාරගම පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටී ලිසදි දෙනෙත්මා කපුගේ නමැති දැරියක බව පොලිසිය කීය.
දැරියගේ මව දැරියව පෙරපාසලට රැගෙන යාම සදහා යතුරුපැදියකින් බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කර ඇති අතර පිටුපසින් පැමිණි යුධහමුදාව බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වති .