අත්හිටුවා තිබෙන කොළඹ – මහනුවර දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.
රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි වීම නිසා දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණි.
පහළ කඩුගන්නාවේ දුම්රිය මාර්ගයට හානියක් සිදු වී නැති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
මේ වන විට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සාර්ථක ලෙස අවසන් වෙමින් පවතින ඔහු වැඩිදුරටත් කීවේය.