දශක ගණනක් තිස්සේ වසා දමා තිබූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය ඉදිරිපසින් දිවෙන ජනාධිපති මාවත අද සිට මහජනතාව සඳහා විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කර තිබේ.
මෙතෙක් එම කලාපය පැවතුනේ රටේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසය.
පොලිස් මාධ්‍ය ප්‍රකාහක නිහාල් තල්දූව පැවසුවේ මින් පෙර මෙම මාර්ගවල ධාවනය කිරීමට අවසර ලබා දී තිබුනේ බලය ලත් වාහනවලට පමණක් බවය.
උතුරේ පැවති යුද සමයේ දී මෙම මාර්ග වසා දැමීමට කටයුතු කළ ද යුද්ධය අවසන් වී දශක එක හමාරක් පසුවි ඇති නමුත් ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ග වසා තැබුණේය.







