පසුගිය දෙදින තුළ මහනුවර දුම්රිය ස්ථානයේ මගීන් රැඳී සිටියේ දුම්රිය නැති නිසා නොව තමන්ගේ කැමැත්තෙන් බව මහනුවර දුම්රිය ස්ථානාධිපති ලංකාසරට පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ මෙසේ නැවතුන මගීන් පානදුරින් එපිට ගාල්ල මාතර දක්වා ගමන් ගන්නා මගීන් බවත් ඔවුන් කොළඹ දුම්රියෙන් ගමන් නොකර පාන්දර හතරයි පනහ මාතර දුම්රිය එනතුරු සිටියේ මහනුවර දුම්රිය ස්ථානය රැය පහන් කිරීමට සුව පහසු ස්ථානයක් නිසා බවත්ය.
කොළඹට ගොස් කොළඹ දුම්රිය ස්ථානයේ මදුරුවන්ගේ දෂ්ඨනයට ලක්වෙමින් රැය පහන් කිරීමට වඩා මේ බැතිමතුන් සුව පහසු මහනුවර දුම්රිය ස්ථානය රැය පහන් කිරීමට තෝරාගත් බව ඔහු කීවේය.
ඔහු පැවසුවේ මේ බැතිමත් මගීන්ට පැය තුනෙන් තුනට කෝපි, බිස්කට්, තේ, මාළුපාන් ලබා දෙමින් දුම්රිය කාර්යමණ්ඩලය ඇතුළු පිරිස් විසින් සංග්‍රහ කළ බවය.








