බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 132ක බලය පිහිටුවන්න රනිල් සජිත් එක් වෙයි…

by editor
මැයි 19, 2025
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter
  • පොඩි පක්ෂ එක්ක සාකච්ඡා කරලා එකඟ වෙලා ඉවරයි… ලබන සතියේ බලය පිහිටුවනවා… තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්!

ආණ්ඩුව බහුතර බලය දිනා නොගත් ප්‍රාදේශීය සභා සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂය හා එක්ව බලය පිහිටුවීමට තිරණය කරන ලද බව එම පක්ෂ දෙක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 

කොළඹ නගරසභාවේ බලය පිහිටුවීම මුල් කරගෙන  මෙම නිවේදනය නිකුත් කරනු ලබන්දේ අද පෙරවරුවේ දී විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සිදුකළ සාකච්ඡාවලින් අනතුරුවය. එම ඒකාබද්ධ නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මෙම හමුව අවසානයේ දී  පැවසුවේ ලබන සතියවනවිට එක්සත් ජාතික පක්ෂය සහ සෙසු පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතන 132ක බලය පිහිටුවීමට මේ වනවිට සියල්ල සූදානම් බවය.

ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබූ අවස්ථාව

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල, සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු ප්‍රබලයින් සහභාගී වූහ. සමගි ජන බලවේගය පාර්ශවයෙන් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ඇතුළු නායකයින් සහභාගී වුව ද එම අවස්ථාවට පක්ෂයේ අනාගත තරුණ නායකත්වය ලෙස ජනතා අපේක්ෂා දිනාගත් ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වී සිටියේ නැත. තමන් ඒ සාකච්ඡාව පිළිබඳ කිසිවක් නොදන්නා බව ද හර්ෂ මාධ්‍යයට පැවසුවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

තිස්ස අත්තනායක මෙම හමුව අවසානයේ දී මාධ්‍ය වෙත පැවසුවේ අනෙක් පක්ෂ සමග මේ වනවිට සාකච්ඡා කර තීන්දුවකට පැමිණ අවසන් බවත්, සාකච්ඡා පවත්වමින් තිබුණේ පොඩි පොඩි ගැටලු ඇති පක්ෂ සමග බවත්ය. ලබන සතිය වනවිට මාලිමාව විසින් බහුතරය දිනාගත්තේ නැති පළාත් පාලන ආයතනවල බලය ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවනු ලබන බවද තිස්ස අත්තනායක තහවුරු කළේය.

ඔහු මාධ්‍යයට පැවසුවේ මෙවැන්නකි.

“පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සිදුකළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන ගැන තමයි සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන්නේ. අපි උත්සාහ කරනවා බලය පිහිටුවීමට ආසන 132ක අවස්ථාව තියනවා. ඉතින් කොහොමද මේ අවස්ථාව පාලනය කරන්නේ, අනෙක් අයත් එක්ක එකඟතා පවත්වන්නේ කොහොමද කියන එක ගැනත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.”

“බලාපොරොත්තු වෙන්නේ මේ සතිය ඇතුළෙ සියලුම සාකච්ඡා අවසන් කරන්න. මොකද අනෙක් දේශපාලන පක්ෂ එක්ක තියන අදහස් හුවමාරුව අවසන් වෙලා තියෙන්නේ. පුංචි පුංචි ගැටලු තියන ඒව එක්ක තමයි නැවත සාකච්ඡා කරන්නේ.” සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසුවේය. ඔහු පවසන්නේ කොළඹ නගරසභාවට මූලික තැනක් දී මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්කුඩු අල්ලන්න ගිය වේයන්ගොඩ පොලිසියට මාරපොල නිවසක දී තරුණ යුවලකගෙන් කඩු පහර …

Next Post

ඔවුන් යුද්ධ කළේ සාමය වෙනුවෙන්… ජාතිය වෙනුවෙන් ජීවිතය පූජාකළ වීරයින්ට දක්වන සැබෑ ගෞරවය නම් යළි මේ රටේ යුද්ධයක් ඇති නොකිරීමයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.