අද (18) දිනයේදී රුපියල් මිලියන 2979ක් වැයකොට ගෙන්වන ලද ගිනි නිවීමේ රථ 15ක් දෙපාර්තමේන්තුවට අගමැති මහින්ද රාජපක්ෂ අතින් භාර දීමට නියමිතව ඇති නමුත් පවතින රථවත් ධාවනය කර ගත නොහැකි සේ ඉන්ධන හිඟවීම හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු නතර වීමේ අවදානමක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ගිනි නිවීමේ ආපදා රථ 15 කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට භාර දිමට තීරණය කර ඇති නමුත් මේවා ධාවනය කිරීමට අවශ්‍ය සුපර් ඩීසල් වෙළඳපලේ නොමැති වීම හේතුවෙන් වඩාත් අවදානම් තත්ත්වයක් මතු වන්නේ දැනට දෙපාර්තමේන්තුව සතුව පවතින රථ සෙසු පළාත් වෙත ලබා දීමට පියවර ගැනීමත් සමග යැයි දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ නමුත් කොළඹ මහ නගර සභාවට අයත් පිරවුම්හල්වල පවත්නා තෙල් සංචිත ඉතා සීමීත බැවින් අත්‍යවශ්‍ය හදිසි අවශ්‍යතා සඳහා පමණක් ගිනි නිවීමේ රථවලට තෙල් ලබා දීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගී ඇති බවද ඔහු පැවසීය.