අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් හැදුනාම නාන්න… නොනා ඉන්න කියන මතය බොරුවක්…  විශේෂඥ වෛද්‍යවරු කියති…

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන  මතය කිසිම විද්‍යානුකූල සත්‍යතාවයක් නැති පදනම් විරහිත එකක් බව  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක  පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ බී.බී.සී. සේවය සමග පසුගිය දා සංවාදයකට එක් වෙමිනි.

නෑම ඉතාම වැදගත්

“කොවිඩ් රෝගය වැළඳුනාම පිරිසිදුව සිටීමත් ඉතාම වැදගත්. (ස්නානය නොකර සිටීමට) කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. සමහර වෙලාවට, සංස්කෘතියේ අදහසක් තියෙනවනේ මෙන්න මේ වගේ අමාරු තියෙනකොට නාන්න හොඳ නෑ කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඇති මේ අදහසට ගොඩක් බලපාලා තියෙන්නේ,”

“මෙතන දී අපට කියන්න තියෙන්නේ, හිතේ සැකයක් තියෙනවා නම්, මුලින් දවල් වෙලාවට හරි කමක් නෑ ටිකක් රස්නේ වතුර ටිකක්  නාලා, ඊට පස්සේ ටික ටික නාන්න පුරුදු වෙන්න කියන එක. මොකද ඇත්තටම මේ  නිසා හමේ ආබාධ පවා ඇතිවූ රෝගීන් අපට හමුවෙනවා අපට ලැබෙන දුරකථන ඇමතුම් මඟින්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රෝගය පාලනය කිරීමට මහජන සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් අපට කියන්න තියෙන්නේ එක පණිවිඩයක් – පිරිසිදුව සිටීම මෙම රෝගය පාලනයකර ගැනීමටත් සුවකර ගැනීමටත් ඉතාම වැදගත් කියන එක.”

එමෙන්ම ජාතික මහ රෝහලේ ශ්වසන විශේෂඥ වෛද්‍ය ආර්. ආශා සමරනායක බී.බී.සීය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

ඔය මතය විද්‍යාත්මක නෑ…

“ඔය මතය විද්‍යාත්මක නැහැ. සිංහල වහරේ මතයක් තියෙනවනේ නියුමෝනියාවට නාන්න එපා කියලා,  සිංහල බෙහෙත් බොනකොට නාන්න එපා කියලා කියනවා. එහෙම ආපු මතයක් වගේ දෙයක් තමයි ඔය නෑම ගැන තියෙන අනියත බය.”

“හැබැයි ඉතාම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවනි ගොඩක් තද පීනස පාලනය නොවෙච්ච, බෙහෙත් නොගෙන, එහෙම නැත්නම් තදට ඇදුම තියෙන අය. සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණත්වය චුට්ටක් අඩු වුණාම, නුවරඑළිය පැත්තේ වගේ සීතල වතුර නෑවම කැස්ස එන්න පුළුවන් ගතියක් තියෙනවා.”

“ඒකෙන් කියන්නේ නෑ නියුමෝනියාවට එනවා කියලාවත්, ඇදුම යි පීනස යි දරුණු වෙනවා කියලාවත්. පොඩි වෙලාවක් තමයි එහෙම වෙන්නෙත්, අපේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය වෙනකල්… නෑවම අමාරු වෙනවා කියන එක වැරදි මතයක්,”

“මිනිස්සු ‘සෙම එනවා’ කියලා ගොඩක් වෙලාවට කියන්නේ අසාත්මික පීනස වගේ රෝගී තත්ත්වයන්ට. ඕවයේ දී, අසාත්මිකතාව ඇති කරන මූලයක් තියෙනවා. ඒ කියන්නේ, සමහරුන්ට කිරි බිව්වම ‘සෙම’ වැඩිවෙනවා. ඒක ඇත්ත. ඊළඟට ඔය වම්බොටු, බන්ඩක්කා කෑවම, සමහරුන්ට බිත්තර, යෝගට් කෑවත් එහෙම වෙනවා. හැබැයි හැමෝටම නෙවෙයි…”

අයි.සී.යූ ලෙඩඩුත් නාවනවා…

“‘අසාත්මික පීනස’ කියන එක නෙවෙයිනේ කොවිඩ් නියුමෝනියාව කියන්නේ. ඒක වෙනම දෙයක්. මේක ඔය ‘සෙම’ ගණයට වැටිච්ච දෙයක් නෙවෙයි, මේක විෂබීජයකින් එන නියුමෝනියාවක්. එයට කෑමේ හෝ නෑමේ කිසිම සම්බන්ධයක් නැහැ.”

ඕනෑම රෝගයක් සුවවීමටත්, මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්. වෛද්‍ය සමරනායක අවධාරණය කළා ය. දැඩි සත්කාර ඒකකවල සිටිනා රෝගීන් පවා ස්නානය කරවන්නේ නම්, කොවිඩ් වැළඳුණු රෝගියෙකු පිරිසිදු වීමෙන් වැළකීමට හේතුවක් නැතැ යි ඇය පැහැදිලි කළා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විභාග කොමසාරිස් කියයි!

Next Post

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් පීඩනය ඉවරයි… දානපති සහයෙන්  නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්  ඉදිවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.