කොවිඩ් සුව වූවන්ට පසු ප්‍රතිකාර සායනයන් ආයුර්වේද රෝහල් තුළ ලබන සතියේදී ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන්කරයි.
කොවිඩ් සුව වූ පසුව බොහෝ පුද්ගලයින්ට විවිධ රෝග තත්ත්වයන් මතු වන බවටත් තිබුණ රෝග තත්ත්වයන් වැඩි වර්ධනය වන බවටත් හෙළිව ඇති බැවින් ඔවුන්ගේ රෝග තත්ත්වයන් හඳුනාගෙ අවශ්‍ය ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම මෙම සායනයන් මගින් සිදුකිරීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කරයි.
යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල තුළ දැනට ක්‍රියාත්මක මෙම සායනයන් ඉදිරි සතියේදී දිවයින පුරා පිහිටි ආයුර්වේද රොහල්වලද ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කරයි.
කොවිඩ් සුව වූවන් අතර මානසික ගැටලු ඇතිවන පුද්ගලයින් මෙන්ම කායික ගැටලු ඇතිවනපුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් මෙම පුද්ගලයින් සුවපත් කිරිම සදහා මෙම සායනයන් ආරම්භ කළ බවද ඇමතිවරයා අවධාරණය කරයි.
මෙම සායනයන් වෙත පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආයූර්වේදයේ හසල දැනුමක් ඇති ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් යොදවා ඇතැයිද සඳහන් වේ.