අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොවිඩ් සමාජගත වුණා යයි සලකා ඉදිරි පියවර ගන්න”

වෛද්‍ය ගුණදාස අමරසේකරගෙන් ජනපතිට “බරපතල“ ලිපියක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ කොවිඩ් 19 වසංතගය දැන් සමාජගත වී ඇති බවට පිළිගෙන ඒ අනුව ඉදිරි පියවර ගන්නා ලෙසත් මෙම වසංගතයේ දෙවන රැල්ල නිර්මාණය කරමින් රට අපහසුතාවකට පත් කිරීමට යම් කුමන්ත්‍රණකාරී පාර්හ්වයක් කටයුතු කළේද යන්න පිළිබඳ ඉහළ පෙළේ විමර්ශෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ජනාධිපති ගෝටාභය රාජපක්ස මහතාට ලිපියක් යවා ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව පසුබිම් කරගෙන නිර්මාණය වූ මෙම ත්තත්වය පිළිබඳව කරුණු ගණනාවක් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කරන වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා කොවිඞ් පළමු රැල්ල අතිසාර්ථකව මැඩලීම මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් දිනාගත් මහජන ප‍්‍රසාදය සහ ගෞරවයට ද නිෂේධාත්මක බලපෑම් ඇති කරන බව එහිදී අවාධානයට ලක් කර ඇත. වෛද්‍ය අමරසේකර විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ වෙයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව

කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම සමගම සමාජයේ විවිධ පාර් ශව වලින් වෙනත් විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල කෙරෙමින් තිබෙන බව රහසක් නොවේ. ජාතික සංවිධාන ලෙස එදිනෙදා මහජන සබඳතාවලදී ඊට අදාළව විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට අපට සිදු වී ඇත. එම තත්වය වසංගත පාලනයට අදාළව මහජන සහාය ලබා ගැනීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීම යන සාධකවලට එරෙහිව අගතිගාමී ලෙස බලපාන බව අපට පෙනී යයි. ඊට අමතරව එම තත්ත්වය කොවිඞ් පළමු රැල්ල අතිසාර්ථකව මැඩලීම මගින් ඔබතුමා ප‍්‍රමුඛ රජය විසින් දිනාගත් මහජන ප‍්‍රසාදය සහ ගෞරවයට අදාළව ද නිෂේධාත්මක බලපෑම් ඇති කරන බව පැහැදිලි කරුණකි.

එම නිසා සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී ක‍්‍රියාවක හෝ රජයට එරෙහිව කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක නිරත වී ඇත්නම් ඔවුන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අප ජාතික සංවිධාන වශයෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් සහ ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

1. මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ආයතනයට අයත් කර් මාන්ත ශාලාවට එම සමාගමට අයත් ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි කර් මාන්ත ශාලාවේ සිට සේවකයන් අවස්ථා කිහිපයක දී ගුවන් මගින් රැගෙන විත් නිරෝධායන උපදෙස්වලට පටහැනිව වැඩමුළු සහ අභ්‍යන්තර විගණනයක් සිදු කිරීම. එසේ අවස්ථා කිහිපයක දී ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට සේවකයන් පැමිණි බව හමුදාපතිවරයා විසින් පුවත්පත්වලට ප‍්‍රකාශකොට ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද ඊට අදාළව ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යවලට නිකුත්කොට ඇත.

2. දැනට ඉතා බරපතළ ලෙස කතාබහට ලක්වෙමින් ඇති සැප්තැම්බර් 22 දින මත්තල ගුවන්තොටුපළින් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දියානුවන් හෝ ඉන්දියාවේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් නිසි ලෙස නිරෝධායනය නොවූ බවට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඊට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් නිල වශයෙන් පුවත්පත්වලට ප‍්‍රකාශයක් සිදුකොට තිබිණි. එම ගුවන් මගීන් පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව තොරතුරු ලබාදීම අදාළ ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා මහජන සැකය තවදුරටත් වර්ධනය වේ.

3. එසේ විදේශවලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන පිරිස් ආරක්ෂක හමුදා විසින් නිරෝධායනයට ලක් කරන බව සඳහන් වුව ද ප‍්‍රායෝගිකව එම කටයුත්ත සිදු කරනු ලබන්නේ පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් බවට සහ ඔවුන් විසින් එසේ පිරිස් හෝටල් වෙත රැගෙන යාමේ දී හමුදාව ඔවුන් කැටුව නොගිය බවට ද වාර් තා පළ වේ. එසේ නිරෝධායනයට ලක් වූ බව කියන පිරිස් සහ හෝටල් හෝ නිවාස පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එවැනි තත්ත්වයක් තුළ ඊට පෙර රට තුළට පැමිණි පිරිස් සම්බන්ධයෙන් ද ඒ ආකාරයට ක‍්‍රියාකොට ඇති බවට සාධාරණ සැකයක් මතු වේ.

4. ඒ ආකාරයට දක්නට ලැබෙන යම් වගකිවයුතු පිරිස්වල වගකීම් විරහිතභාවය හෝ නොසැලකිලිමත්භාවය පිළිබඳ මහජන සැකය දුරු කිරීම ඉතා වැදගත් වන්නේ, අදාළ සමාගමට ඉන්දියානු සහ ඇමරිකානු ආයතන සමඟ තිබෙන බැඳීම් නිසා සමස්ත සිදුවීම් මාලාව ශ‍්‍රී ලංකාවට එරෙහි බාහිර කුමන්ත‍්‍රණයක් ලෙස අර් ථ දැක්වීමේ තත්වයක් තිබෙන බැවිනි.

5. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළ ශ්වසන රෝග තත්වයක් ලෙස දක්නට ලැබෙන කොවිඞ් වසංගතයේ දෙවන රැල්ල මතුවන්නේ සැප්තැම්බර් මස 24 වැනි දිනය ආශ‍්‍රිත දිනයක බව අනාවරණය වී ඇත. එම තත්වය ඇති වූ පසුව අදාළ සමාගමේ කළමනාකාරීත්වය සහ එහි සෞඛ්‍ය නිලධාරීන් ඊට ප‍්‍රතිචාර දක්වා ඇති ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි බව පුවත්පත් වාර් තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. යම් පිරිස් සඳහන් කරන ආකාරයට එම තත්වය ව්‍යාපාරික ඇණවුම් නිසි වේලාවට නිම කිරීම සඳහා වූ පෙළඹවීම නිසා හෝ තවත් පිරිස් සඳහන් කරන ආකාරයට ධන තන්හාව හෝ මිනිස් ජීවිත පිළිබ`ද නොසැලකිල්ල නිසා ඇති වූවක් ලෙස විග‍්‍රහ කිරීම අර්ධ සත්‍යයක් විය හැක. ඒ මගින් කළමනාකාරීත්වයේ වගකීම් විරහිතභාවය සහ නොසැලකිලිමත්භාවය ප‍්‍රදර්ශනය කෙරෙනවාට අමතරව ඉහත සඳහන් කළ කුමන්ත‍්‍රණ න්‍යාය ද තහවුරු වේ. එහි දී සැකයට ප‍්‍රධාන වශයෙන්ම හේතුවන්නේ රෝග ලක්ෂණ පෙන්වූ 30කට අධික පිරිසක් ඔවුන්ගේ ගම්බිම්වලට යැවීම ය. එහි දී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් තොරව පොදු ප‍්‍රවාහන සේවා මගින් ඔවුන් දුර බැහැර ප‍්‍රදේශවලට යැවීම මඟින් වසංගත පාලනයට අදාළ මූලික මූලධර් ම පවා උල්ලංඝනය වේ. මෙම තත්වය නිසා අද වන විට ආශ්‍රිතයන් හඹා යාම සඳහා ආරක්ෂක හමදා වලට ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදීමට සිදු වී ඇත.

6. එසේ වුවත් බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හඳුනාගත් පසුව සෞඛ්‍ය අංශ ක‍්‍රියාකොට ඇති ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි අතර එම තත්වය සාමාන්‍ය මහජනයා පවා පුදුමයට පත් කළ බව රහසක් නොවේ. දෙවනි රැල්ලේ පළමු රෝගියාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා බැලීමේ වසංගත රෝග විද්‍යා ක‍්‍රමවේද පිළිබඳ මහජනයාට අවබෝධයක් නැතත් පළමු රෝගියා හමු වූ පසුව ඔහුගේ හෝ ඇයගේ ආශ‍්‍රිතයන් පිළිබඳව ගතයුතු පියවර පිළිබඳව මහජනයාට යම් අවබෝධයක් ඇත. එසේම පළමු රැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව දෙවැනි රැල්ලක් වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම වඩා අනතුරුදායක ආයතන සහ තත්වයන්ට අදාළව පැහැදිලි නිර් දේශ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇතැයි මහජනයා විශ්වාස කරති. එහෙත් එසේ සිදුවූවා ද යන්න සහ සිදුවූවා නම් එම නිර් දේශ අදාළ ආයතනය විසින් නොසලකා හරිනු ලැබුවේ කුමක් නිසා ද යන්න දැන ගැනීමේ අයිතියක් මහජනයාට ඇත.

7. ඒ සියල්ලටම වඩා බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හඳුනාගත් වහාම ඊට පෙර ආයතනයේ දක්නට ලැබුණු ශ්වසන රෝග තත්වයන් සැලකිල්ලට ගෙන කර් මාන්ත ශාලවේ සමස්ත සේවක පිරිස් නිරෝධායනයට ලක් කිරීම වෙනුවට PCR පරීක්ෂණවලට ලක් කළ සේවකයන් නිරෝධායනය සඳහා නිවෙස්වලට යැවීම බරපතළ වරදක් බව සාමාන්‍ය මහජනයාට පවා තේරුම්ගත හැක. එම සැකකටයුතු රෝගීන් නිවෙස්වලට ගමන් කරනු ලැබුවේ ත‍්‍රීරෝද රථවල සමූහ වශයෙන් සහ පොදු ප‍්‍රවාහන සේවාවලින් බවට සාක්ෂි ඇත. එසේ පළමු වටයේ දී නිවෙස්වලට යැවූ PCR පරීක්ෂණවලට ලක් කෙරුණු 100ක පමණ සේවකයන්ගෙන් 69 දෙනෙකු රෝගීන් බව තහවුරු විය. ඔවුන් බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ නොතිබූ බැවින් ඔවුන් නිවෙස් ආශ‍්‍රිත සෙසු මහජනයා සමඟ ගැවසීම නිසා බොහෝ පිරිසකට රෝගය බෝ කිරීමේ අවදානමක් ඇති අතර එම පළමු පෙළ ආශ‍්‍රිතයන් සහ ඔවුන්ගේ දෙවන පෙළ ආශ‍්‍රිතයන් සියලූදෙනා කඩිනමින් හඳුනාගැනීම පහසු නැත. ඒ නිසා සමාජය තුළ සැඟවුණු රෝගීන් සිටින බව සහ රෝගය සමාජයට සම්ප්‍රේෂණය වී ඇති බවට මහජනයා විසින් දක්වන අදහස් තාක්ෂණික තර් ක මගින් බැහැර කළ හැකිද යන ප්‍රශ්නය මතුවේ.

8. එම තත්වය එසේ තිබිය දී දෙවන වතාවට PCR පරීක්ෂණවලට ලක්කරනු ලැබූ 1280ක් ද නිවෙස්වලට යැවීමට තීන්දු ගනු ලැබුවේ කවුරුන් විසින් ද යන ප‍්‍රශ්නය මතු වේ. ඒ අයගෙන් 50%කට වැඩි පිරිසක් රෝගීන් බව තහවුරු වූ නමුත් ඔවුන් සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශවලට බලවත් පරිශ‍්‍රමයක් දැරීමට සිදු වූ අතර යම් පිරිසක් සොයාගත නොහැකිව සමාජයේ සිටින බව වාර් තා වේ. ඒ සියලූදෙනාගේ ආශ‍්‍රිතයන් සහ ඔවුන්ගේ දෙවන පෙළ ආශ‍්‍රිතයන් සියල්ල පිළිබඳ සැලකීමේ දී මේ වන විට සමාජයේ ද්විතීක පොකුරු රාශියක් ඇති වී තිබෙන බව පිළිගැනීමට සිදු වේ. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට රෝගය, සමාජයට සම්ප්‍රේෂණය වී ඇති බව හෙවත් වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද යන සැකයද මතුවේ.

මෙම සියලූ කරුණු සැලකිල්ලට ගැනීමේ දී වසංගත තත්වය සමාජයට පැතිරෙමින් තිබෙන බව පිළිගෙන ඊට අනුව කටයුතු කළ යුතු බව සහ සමස්ත සිදුවීම් මාලාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම මගින් මහජන විශ්වාසය තහවුරු කළ යුතු බව අපගේ විශ්වාසයයි. අප ජාතික සංවිධාන ලෙස මෙම කරුණු ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අපගේ සමාජ වගකීමක් ලෙස මෙන්ම ඔබතුමා එම කරුණු පිළිබඳව අවධානය යොමු කොට නිසි පියවර ගනු ඇතැයි යන විශ්වාසයෙනි.

මෙයට,
විශ්වාසී,

ගුණදාස අමරසේකර,
කැදවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.
2020-10-16

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්මලාන කොවිඩ් හැදුණු කාන්තාවට කොවිඩ් ආසාදනය වූ අයුරු පැහැදිලි නෑ…

Next Post

ඔන්ලයින් අධ්‍යාපනය ඇතුළේ සැඟවුණු ළමා මොළ කන වයිරස

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.