-
දරුවන්ට රෝග ලක්ෂණ නොපෙන්වාම කොවිඩ් වැළඳී හොඳ වෙනවා… උණ, පාචනය, උදරයේ වේදනව, ඇඟපත වේදනාව, ඇතිනම් දරුවන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන්න..
කොවිඩ් වැළදුණ දරුවන් අතර දරුණු රෝගයක් (Multisystem inflammatory syndrome childer ) පැතිර යන අතර මෙයට නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් මාරාන්තික තත්ත්වක් දක්වා වර්ධනය විය හැකියැයි ළමා රෝග විශේෂඥවෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කරයි.
මේ වන විට මෙම රෝගයෙන් ළමුන් 15 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති අතර ඉන් දරුවන් 6 දෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර අතැයි ඔහු පවසයි.
කොවිඩ් රෝගය වැලදී සති 2 – 6 අතර කාලයේදී මෙම රෝග තත්ත්වය මතුවන බවත් මෙහි රෝග ලක්ෂණයන් ලෙස උන, ඇගපත වේදනාව, උදරයේ ඇතිවන අධික වේදනවා සමග පාචනය දැකිය හැකි අතරම එම රෝග ලක්ෂණ සමග රුධිර පීඩනය අඩුවීම මෙහි භයානක තත්ත්වය බව විශේෂඥවරයා පෙන්වා දෙයි.
රුධිර පීඩනය අඩුවිම දරුවාගේ වකුගඩු, හෘදය, මොළය , අක්මාව ඇතුළු ශරීරයේ ප්‍රධාන අවයව ගණනාවකටම තදින්ම බලපෑම් ඇතිකර දරුවා මරණය කරා වුවද රැගෙන යාමේ හැකියාව මේ රෝගයට පවතින බව වෛද්‍ය කිතුල්වත්ත පවසයි.
කොවිඩ් රෝගය හේතුවෙන් බොහෝ මව්වරුන් දරුවන්ව රෝහලක් වෙත රැගෙන ඒමට මැලිකමක් දක්වන නමුත් මෙම රෝග ලක්ෂණ මතුවුවහොත් දරුවා වහාම රෝහල් ගත කරන මෙන් විශේෂඥවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කෙසේ නමුත් රෝහල් ගත කරන ඇතැම් දරුවන්ට ප්‍රතිදේහ පරික්ෂාවක් මගින් කොවිඩ් රෝගය වැළදී තිබූ බව හඳුනා ගත හැකි විනැයි වෛද්‍යවරයා පෙන්වාදේ.
දරුවන්ට කොවිඩ් වැලඳුණද කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සුව වන බැවින් මේ දිනවල උන සමග පාචන තත්ත්වයක් හෝ ඇඟපතේ රතු ලප මතුවීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙන්ද විශේෂඥවරයා සඳහන් කරයි.
විශේෂයෙන්ම මෙම රෝග තත්ත්වය පිලිබඳ බොහෝ වෛද්‍යවරුන් පවා නොදන්නා බැවින් මේ පිලිබඳව වඩාත් වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් යැයි ද සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට කොළඹ අවටින් මෙම රෝගය වැළදුණු දරුවන් වාර්තා වුවද ලංකාව පුරාම දරුවන් අතර පැතිර යාමේ අවදානමක් පැවතිය හැකි බවද වෛද්‍ය කිතුල්වත්ත මහතා පෙන්වාදේ.