දිනසේන රතුගමගේ –
ස්වයං නිරෝධායනයට ලක් කළ වවුනියාව මරවන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් 17 දා මියයාම නිසා ඇගේ මළ සිරුර සම්බන්ධයෙන් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කරණ තෙක් මෘත දේහය ඥාතීන්ට බාර නොදීමට වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට තිබේ.
වයස අවුරුදු 58 ක් වන මෙම කාන්තාව සිය දරුවන් දෙදෙනා සමග කොළඹ සිට පැමිණ වවුනියාව මරවන්කුලමේ ජීවත් වී තිබේ.
පසුගිය 12 වෙනිදා ඇය හදිසියේම රෝගාතුර වී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා වවුනියාව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදි ඇයව ඇගේ නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට වෛද්‍යවරු හා සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට තිබේ.
ඇය මියගොස් ඇත්තේ නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදීය.
ඇයගේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු එම නිවස හුදෙකළා නිවසක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති අතර ඇගේ දරුවන් දෙදෙනාද පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කොට තිබේ.