කොවිඩ් ආසාදනයෙන් ඊයේ (18) දින තුළ සිදුවූ මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන්නේ වයස අවුරුදු 30ට අඩු එක් මරණයක්, අවුරුදු 30 -59ත් අතර මරණ 10ක් හා අවුරුදු 60 හෝ ඊට වැඩි මරණ 37ක් එම මරණ අතර වන බවයි.
ඊයේ සිදුව ඇති මරණවලින් 20ක් කාන්තාවන්ගේ වන අතර 28ක් පිරිමි පුද්ගලයින් ය.
මෙරට සිදුවූ සමස්ත කොඩිව් මරණ ගණන 3827 දක්වා ඉහළ ගොස් තිබේ.