ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාද කොවිඩ් 19 වෛරසය ආසාදනයට ලක්ව ඇත. මේ වනවිට ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බව වාර්තා වේ.
පසුගියදා ශ්‍රි ලංකා පර්යේෂණ සභාවේ සභාපති වෛද්‍ය හේමන්ත දොඩම්පහල මහතා ප්‍රකාශ කර තිබුණේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු කණ්ඩායමක්ද කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් නිපදවා මෙරට සායනික පර්යේෂණ ඇතුළු ඉදිරි ප්‍රතිපාදන සඳහා අයදුම් පත්‍රයක් යොමු කර අති බවය. හිටපු වරාය සපබාපතිවරයකුද වන ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම දැනට වාර්තා වන පරිදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරින් කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වූ පළමු පුද්ගලයා වන අතර එම අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන වාසුදේව නානායක්කාර මහතාද මේ වනවිට රෝගයෙන් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී.