මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් හා වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24ක් හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මේ අය පිළිබඳව වීඩියෝ දර්ශන බලමින් තව දුරටත් හඳුනාගැනීම් සිදුකෙරෙමින් සිටින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. මේ අතර රවුෆ් හකීම් ගේ ආශ්‍රිතයන් ලෙස ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාල, සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාධා ක්‍රිෂ්ණා, තිස්ස අත්තනායක, අශෝක අබේසිංහ, ජනක බණ්ඩාර තෙන්නකොන්, කෙහෙලිය රඹුක්වැල්ල, කේ.එම්. නන්දසේන, නසීර් අහමද්, ෆයිසාල් කාසීම්, එම්.එස්. තවුෆීක්, එම්.එම් හාරීස් යන මන්ත්‍රීවරු හා මැති ඇමතිවරු හඳුනාගෙන තිබේ.
මේ වනවිට පාර්ලිමේන්තුව පූර්ණ විෂබීජ හරණයකට ලක් කිරීමකට පියවර ගෙන ඇති බව ලංකාසරට වාර්තා වේ.