කොවිඩ් එන්නත් ලබා ගැනිම දෛනිකව ලක්ෂයක් පමණ විය යුතු යැයි අනුමාන කරන නමුත් මේ වන විට සිදුවන්නේ 5000ක පමණ සංඛ්‍යාවක් පමණක් යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ තත්ත්වය මත පැමිණෙමින් පවතින කොවිඩ් රැල්ලට මුහුණ දීමට ඉතා අසීරුවනු ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
මේ වන විටත් වාර්තාවන කොවිඩ් මරණවලින් වැඩි පිරිසක් එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් අය මෙන්ම ප්‍රාථමික එන්නත් මාත්‍රා දෙක පමණක් ලබා ගත් අය බවද සනාථ වී ඇතැයි හෙතෙම පැවසීය.
කොවිඩ් හේතුවෙන් මරණයට පත්වූවන්ගේ වැඩිම සංඛ්‍යාව වයස අවුරූ 60 ඉක්ම ගොස් ඇති බැවින් මෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු ව60 ඉක්මවූවන් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියි.