කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ගාලුමුවදොර දී අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.
අද උදෑසන ඔහු සිය දෛනික ශාරීරික සුවතා ව්‍යායාම්වල යෙදී සිටියදී මෙලෙස මියගොස් ඇත.
ස්ථානාධිපතිවරයා මියයන විට 45 වැනි වියෙහි පසුවිය.
මරණ පරීක්ෂණය සඳහා දේහය යොමු කර ඇති අතර එහිදී PCR පරීක්ෂාවක් සිදුකිරීමටද නියමිතය.