සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා ආසාදිත රුසියානුවා ඇතුළු කණ්ඩායම නිරෝධායනය ලක් නොවීම ප්‍රශ්නයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2020 - Updated on සැප්තැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආවේ 13 වැනිදා නිරෝධායනය නොවී හෝටලයේ සිට මාතර අවට ඇවිදලා
  • රුසියාවෙන් ඇවිත් යන ගමන චීනයට?

මාතර පොල්හේන පරමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයින් පහළොස් දෙනෙකු අතරින් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පෙරේදා සිදුකළ PCR පරීක්ෂණයෙන් වූ අතර ඔවුන් පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් මත්තල ගුවන් තොටුපළින් පිටවීමේදී නියමිත නිරෝධායන ක්‍රියාවලියට යොමු කර නොමැති අය බව වාර්තා වේ.

මෙම රෝගී ආසාදිතයා සමඟ තවත් 14 දෙනකු පසුගිය 13 වැනිදා පැමිණ ඇති අතර ඔවුන් නිසි ලෙස දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යටත් නොකර මත්තල සිට මාතර පොල්හේනේ හෝටලයක් වෙත පැමිණීම සෞඛ්‍ය අංශ අතර පවා ආන්දෝලනයකට ලක් වී තිබේ.

ලංකාසරට අනාවරණය වන අන්දමට මේ මස 13 වැනි දින අළුයම මත්තල ගුවන් තොටුපළට ගුවනින් පැමිණි ඔවුන් එහිදී සිදු කෙරුණු පළමු PCR පරීක්ෂණයේදී ආසාදිතයන් නොවන බවට තහවුරු කිරීමෙන් පසුව මාතර පොල්හේන පරමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයට පැමිණ තිබේ. සාමාන්‍යයෙන් විදේශගතව පැමිණෙන ඕනෑම පුද්ගලයකු සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ දින 14ක නිරෝධායන කාල සීමාවකට යටත් වුවද මෙම රුසියානු ජාතිකයන් පිරිස පොල්හේනේ හෝටලයකට පැමිණෙන බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කිරීමක් පවා සිදු කර නොමැති බව අනාවරණය විය.

කෙසේ වුවද මෙම රුසියානු ජාතිකයන් යළිත් චීනයට පිටත්ව යාමට ඇති අවශ්‍යතාවක් මත මෙම පිරිසට යළි මාතර පෞද්ගලික රෝහලකදී පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමේදී එයින් එක් රුසියානුවකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන තිබේ. එයින් අනතුරුව සෞඛ්‍ය අංශ මඟින් මෙම රෝගී පුද්ගලයා හම්බන්තොට කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කෙරෙන විශේෂ රෝහලට යැවීමට කටයුතු කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පිරිස පොල්හේනේ රැඳි සිටි කාලය තුළ කිසිදු ආකාරයකට නිරෝධායනයට ලක් නොවූ බව තහවුරු වන්නේ ඔවුන් මාතර ප්‍රදේශයේ සැරි සරා ඇති ආකාරය පිළිබඳව මේ වනවිට සෞඛ්‍ය අංශ අනාවරණය කර ගැනීමත් සමඟය.

ඔවුන් අතරින් දෙදෙනකු මාතර නූපේ පිහිටි සුපිරි වෙළෙඳ පොළකට ගොස් භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඔවුන් විනාඩි 45 හතළිස් පහකට ආසන්න කාලයක් එම වෙළෙඳ පොළේ සිටි බවට ඔවුන් පවසා තිබේ.

තවත් දෙදෙනකු මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ පොල්හේන මංසන්ධියට ආසන්න තවත් සුපිරි වෙළෙඳ පොළකට ගොස් විනාඩි විස්සකට ආසන්න කාලයක් එම වෙළඳ සැලේ සිට ඇත.

ඔවුන් මෙම වෙළඳසැල්වලට ගොස් ඇත්තේ පොල්හේන පරමුල්ල ප්‍රදේශයේ පදිංචි ගේ ත්‍රිරෝද රථ රියදුරකු ඔහුගේ බිරිඳ හා පාසල් යන වයසේ පසුවන දියණියන් දෙදෙනා ද දෙදෙනාද හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට මේ වනවිට යොමු කොට ඇත.

ඊයේ රාත්‍රී අටට පමණ මාතර නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාතර මූලස්ථාන පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් අදාළ හෝටලය පරීක්ෂා කර එම හෝටලයේ සිටි සේවක මණ්ඩලය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර හඳුනා ගෙන තිබේ.

ඒ අනුව එම හෝටලයේ සේවකයන් 23 දෙනෙකු ඉකුත් දින කිහිපය තුළ මාරුවෙන් මාරුවට සේවයේ යෙදී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමඟ ඊයේ එම සේවකයන් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

එහෙත් දෙවන පරීක්ෂණය කිරීමෙන් පසු මෙම සංචාරකයන් පහළොස් දෙනා අතරින් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.

කොරෝනා ආසාදනය වූ රුසියානු ජාතික පනස් හත් හැවිරිදි කාර්මිකයා හම්බන්තොට කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කෙරෙන රෝහලට පෙරේදා රාත්‍රියේ රැගෙන ගියේය.සෙසු විදේශිකයන් ඇසුරු කළ ආගිය තැන් මාතර මූලස්ථාන පොලීසිය මගින් පොලිසිය මඟින් අනාවරණය කර ගෙන ඇති පොලීසිය මගින් අනාවරණය කරගෙන ඇති අතර එම පිරිස් නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට හඳුනා ගනිමින් පවතී.

මෙම සංචාරක හෝටලයේ සේවකයන් විසි තුන් දෙනාගෙන් පස් දෙනෙකු මාතර අවට පදිංචිකරුවන් වන අතර සෙසු අය දෙනියාය පොළොන්නරුව අම්බලන්තොට ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම හෝටලයේ සේවය කර පසුව ඔවුන්ගේ නිවෙස් බලා පසුගිය දින ගොස් ඇත. ඒ හේතුවෙන් එම සේවකයන්ගේ පවුල්ද නිවාස නිරෝධානයට ලක් කිරීමට ඉඩ හමුදාව පියවර ගන්නා බව මාතර සෞඛ්‍ය බලධාරීහු කියති. එමෙන්ම මත්තල සිට මාතර දක්වා වෑන් රථ දෙකකින් මෙම රුසියානු ජාතිකයන් රැගෙන ආ වෑන් රථ දෙකේ රියදුරන් ද මේ වන විට හබරාදුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම විදේශිකයන් ඇසුරු කළ අය හා ආගිය තැන් මේ වනවිටත් ඊයේ පස්වරුව වන තෙක් මාතර පොලිසිය මගින් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කරමින් සොයමින් සිටී.
ඒ අනුව සුපිරි වෙළඳසැල් දෙකේ මුදල් අයකැමි වරුන් සිටි තරුණියන් දෙදෙනා හා මෙම රුසියන් ජාතිකයන්ට ඉදිරියෙන් හා පසුපසින් සිටි පිරිස් පිළිබඳ සොයා ගැනීමට ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීම ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය හමුවේ අද මාතර නගරයේ තරමක් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය උදෑසන පාසල් දරුවන් පාසල්වලට රැගෙන ආවද පසුව දහවල් වන විට මෙම කොරෝනා රෝගීන් පිළිබඳ වාර්තා වීමත් සමග ප්‍රදේශවාසීන් කලබලයට පත්වී තිබේ.විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ඒ මාපියන් පාසල්වලට පැමිණ දරුවන් ඉල්ලා ඇති අතර ගුරුවරු ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නොසංසුන් තත්ත්වයකට පත්විය.මාතර මේධානන්ද විද්‍යාලයේ දරුවන් මාපියන් පැමිණ රැගෙන ගිය අතර මාතර පඹුරණ සාරිපුත්‍ර විද්‍යාලයේ ගේට්ටුව අසල දෙමාපියන් පන්සියයක් පමණ පිරිස් දරුවන් කලින්ම රැගෙන ගියහ.

මේ පිළිබඳව අදහස් දක්වූ මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය අචලා දමයන්ති මහත්මිය ප්‍රකාශ කළාය.

” අමාලෝහා jetwing හෝටලයට පැමිණි රුසියානු ජාතිකයෙකු covid 19 positive විදියට හඳුනාගත් පසු අප එම ආසාදිතයා හම්බන්තොට මහරෝහලට යවා දැනට හෝටලයේ ඉන්න සේවකයන් හා ආශ්‍රිතයන් සියල්ලම නිරෝධායනයට ලක් කර තිබෙන බවයි. ආසාදිතයින් ඇසුරු කළ සියලු දෙනා නිසි ලෙස හඳුනා ගෙන අති බැවින් පාසල් ළමයින්ගේ දෙමාපියන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවය.”

මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය අචලා දමයන්ති මහත්මිය

Tags: කොවිඩ්-19නවතම
Share69Tweet43
Previous Post

ගස් බෙනයකින් මතුවූ ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අඩංගුවට

Next Post

කොවිඩ් අතරතුරත් ශ්‍රී ලාංකිකයින් 21ක් කොරියා රැකියාවලට ගිහින්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.