ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොතලාවල වෛද්‍ය පීඨය සිවිල් සිසුන් සඳහා වසා දැම්මේ නෑ… ගැටලු විසඳාගෙන යළි ක්‍රියාත්මක වෙනවා… රජය කියයි!

by editor
ජූනි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොතලාවල වෛද්‍ය පීඨය සිවිල් සිසුන් සඳහා වසා දැමීමක් සිදුනොවන බවත්,  උද්ගත වී ඇති ප්‍රායෝගික තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගැටලු විසඳාගෙන ස්ථිරසාර ප්‍රවේශයක් ලබා ගන්නා බවත් රජය ප්‍රකාශ කරයි.

අද පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අසන ලද ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ මතුවී ඇති ප්‍රධානම ගැටලුව වන්නේ උසස් වෛද්‍ය වෘත්තිකයෙක් බිහිකරගැනීම සඳහා සීමාවාසී පුහුණුව ලබාදීමට අවශ්‍ය රෝහල්වල විශේෂඥ ඒකකවල වගකීම්දරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බවය.

වාර්ෂිකව ඩොලර් බිලියන 03ක් උසස් අධ්‍යාපනය සඳහා විදේශවලට ඇදී යෑම වැළැක්වීමටත්, අධ්‍යාපන සංචාරක කර්මාන්තය පදනම් කරගෙන විදේශ විනිමය උත්පාදනය කරගැනීමටත් මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රතිපත්තියක් සකස් කරග නොහැකි මන්දැයි අද රවී කරුණානයක මන්ත්‍රීවරයා පාර්ලමේන්තුවේ දී විමසුවේය.

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබන නමුත් රාජ්‍ය පද්ධතිය තුළ විශ්වවිද්‍යාල පහසුකම් ලබා ගත නොහැකි දරුවන් අති විශාල ප්‍රමාණයක් වෙනුවෙන් ඇති අවස්ථාව අහිමිකර කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම වළක්වන ලද්දේ කුමන හේතුවක් නිසාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ඔහු පෙන්වා දුන්නේ දේශීය සිසුන්ට අධ්‍යාපන අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එම සිසුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සූදානම් බවය.

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

රජයේ විශ්විද්‍යාලවල හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෝ විදේශීය වෛද්‍ය උපාධිධාරීන් හෝ ලංකාවේ ඇක්ට් 16 සමත් වෙලා ඉන්න සියලු දෙනාම සම්බන්ධයෙන් රජයට වගකීමක් පැවරෙනවා. ඒ තමයි උපාධිය වගේම අදාල ඉන්ටර්න් ෂිප් එක ලබා දීම. ඒක ඉතාම වැදගත්.

උපාධිය පමණක් ලබා දීලා වැඩක් නෑ. සීමාවාසික පුහුණුව වැදගත්, පුහුණුව දුන්නට පස්සේ තමයි අපට සහතික කරන්න ලැබෙන්නේ අපි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වෛද්‍යවරයෙක් නිර්මාණය කළා කියන එක.

මේ වෙලාවෙදි ප්‍රශ්නයක් තියනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියනවා. ඒ ගොල්ල එක්ක තමයි සීමාවාසික පුහුණුව කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා රජයේ විශ්වවිද්‍යාලවලින් එළියට එන කොතළාවලින් එළියට එන සහ මේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් සියලු දෙනාටම සීමාවාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගිමින් තිබෙන බව පෙනෙනවා.

අන්න ඒ නිසා මේකට අදාලව සියලුම පාර්ශවයන් එක්ක සාකච්ඡා කරලා යම් විසඳුමකට පැමිණීම සඳහා තාවකාලිකව මේ තීන්දුවට පැමිණිලා තියනවා. අපි ඉතාම ඉක්මනින් මේ සීමාවාසික පුහුණුව සම්බන්ධ ප්‍රශ්නය විසඳා ගන්න ඕන. මොකද මේ සියලුම වෛද්‍යවරු රාජ්‍ය යාන්ත්‍රණයට හෝ රටේ වෛද්‍ය සේවයට ඇතුළත් නොවුනත්, ඔවුන් විදේශ සේවයට ගියත්, වගකීමක් තියනවා අපට වෛද්‍යවරයාගේ උපාධිය සහ සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන්.

ඒ නිසා මෙන්න මේ ගැටලුව සාකච්ඡා කරමින් පවතින්නේ. ස්ථිර සාර විසඳුමක් මේ ගැටලුවට සොයා ගත්තට පස්සේ අපිට මේ ගැටලුවට විසඳුම සොයා ගන්න පුලුවන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියයි පුතයි ඇප පිට නිදහස් වෙයි…

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය ගාවගෙන කෙහෙලිය හෝදා ආණ්ඩුවට අන්නන්න ගිය පුද්ගලික නාලිකාවකට කරන දේ ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අද රටට කියයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.