නතාෂා නෙත්මිණි –
කොටහේන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 60 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 90ක් සිටින බවත් ඉතිරි 30දෙනාගේ ජීවිතයට දැඩි අවදානම් යැයි එම ප්‍රකාශකයා වැඩිදුරත් අවදාරණය කළේය.
ආසාදිත වැඩිහිටියන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔවුන්ව රෝහල් ගත කර තිබේද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතැයිද සදහන් වේ.