LOLC සමාගමට බහුතර කොටස් අයිතියක් හිමි LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මැයි මස අග වනවිටත් කොටසක අගය රුපියල් 73 ක් වූ මෙම සමාගමේ කොටසක මිල ඊයේ ගනුදෙනු සිදුවන විට රුපියල් 618.75ක් දක්වා අසාමන්‍ය අයුරින් ඉහළ යාම මෙම විමර්ශණ පිළිබඳ අවධානයට හේතු වී තිබේ. එම වර්ධනය සියයට 747 ක් පමණ වෙයි.
කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයක සඳහන් වූයේ, කොටස් වෙළෙඳපොළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් අයථා ගනුදෙනු සිදුවී ඇති නම් දැඩි පියවර ගන්නා බවයි.
වර්තමානයේ පවතින වෙළෙඳපොළ තත්ත්ව මත මෙන්ම සමස්තයක් ලෙස ඊයේ (30)දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඊට පෙර දින දෙකට සාපේක්ෂව පහත වැටී තිබුණු තත්ත්වයක් මත මෙසේ අසාමාන්‍ය මිල ඉහළ යාම පිළිබඳව කොමිසමේ අවධානය යොමුව තිබේ.
ව්‍යාපාර ආරංචි මාර්ගවලට අනුව LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ මුලු කොටස් ප්‍රමාණයෙන් 99.89% ක්ම එල්ඕඑල්සී සමාගම් ජාලයට අයත් වන බවයි.
55.55% ක කොටස් LOLC හෝල්ඩින්ග්ස් සමාගම සතු වන අතර තවත් 44.34% ක් සතුවන්නේ LOLC සමාගම් ජාලයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමටය.
මේ අනුව LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ජනතාවට නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 0.01%ක් බවද සඳහන් වේ.