සාහසික ඉමියුනොග්ලොබියුලීන් අපරාදය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගත වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල තමන් මෙතෙක් දරමින් සිටි පරිසර අමාත්‍ය ධූරයෙන් අද (06) ඉල්ලා අස් වී තිබේ.
ජනාධිපතිවරයා වෙත ඒ සම්බන්ධව ලිපියක් යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා එම ලිපිය පිළිගෙන ඇති බවත් ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇති බව ද දැනගන්නට ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබේ..
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබිණි.
සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව සලසා ඇතැයි ද අධිකරණයේ දී චෝදනා එල්ල වූයේය.
මේ අතර බන්ධන්ධනාගාරගත වූ කැබිනට් ඇමතිවරයාට බන්ධනාගාරයේ සිට එම ධූරයේ රැඳී සිටීමට ඇති සදාචාරය පිළිබඳ බාහිර සමාජයෙන් බරපතල ලෙස ප්‍රශ්න කෙරිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.