අද (23) පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
ඒ අනුව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය සහ කාර්මාන්ත අමාත්‍යවරයා ලෙස අද සිට කටයුතු කරනු ඇත.
මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
මහින්ද අමරවීරට කෘෂිකර්ම අමාත්‍ය ධූරයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය ලැබී ඇත. ඒ අනුව ඔහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස අද සිට කටයුතු කරයි.
රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව දැඩි විරෝධයක් සහ ප්‍රතික්ෂේප කිරීමක් සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාම තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යන්නට සූදානමින් සිටියේය.