සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙල්බද්දර තරුණයා   ඝාතනයෙන් වසරක් පිරෙන දා  ලෙයට ලෙය   ගන්නට  ගොස් වැරදුන කෙහෙල්බද්දර පද්මේ ගේ සැලසුම!

by editor
අගෝස්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිවේරිය ඇඹරළුව ප්‍රදේශයේ දී පෙරේදා (05) උදේ සිදු කළ වෙඩි තැබීම  දැනට ඩුබායිහි සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල ප්‍රබලයා විසින් සැලසුම් කළ ඝාතන තැතක් බව ඒ පිළිබඳ විමර්ශනය කරන විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

මීට වසරකට පෙර එනම් 2022.08.06 දින ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩාකපන ස්ථානයක දී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ පලිය ගැනීම සඳහා එම තරුණයා ඝාතනය කර හරියටම වසරක් සම්පූර්ණවන දිනයට පෙර දිනයේ   මෙම ඝාතනය සැලසුම් කර ඇතැයි   විමර්ශන ආංචි මාර්ග කියයි.

පසුගිය වසරේ අගෝස්තු 06 වැනිදා  වෙඩි තබා ඝාතනය කරනු ලැබූ එම 22 හැවිරිදි තරුණයා මෙම කිසිම ගැටුමක් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා අහිංසකයෙකි.  කෙහෙල්බද්දර පද්මේ ගේ ඥාති පුතෙක් ඝාතනය කිරීමට පැමිණි ඝාතකයන්ට ඉලක්කය වැරදී මෙම අහිංසක තරුණයා මරා දමා තිබිණි. මෙම ඝාතනයෙන් වසරක් යන්නට පෙර එහි පලිය ගන්නා බව කෙහෙල්බද්දර පද්මේ විසින් සිය ගෝලයින් වෙත කියා ඇතැයි ද විමර්ශන අංශ වෙත වාර්තා වී ඇත.

මෙම තරුණයා ඉලක්ක වන්නේ පස්පොඩ්ඩා ගම්පහ දී ඝාතනය කළ පලිය ගැනීම සඳහා දැනට විදේශගතව සිටින මාකිලංගමුවේ සංජීව විසින් මෙහයවූ ඝාතනයක වැරදී ගිය ගොදුරක් ලෙසින් බව පොලිසිය විශ්වාස කරයි.

කෙහෙල්බද්දර කොන්ඩාකපන ස්ථානයේ සිදුවූ ඝාතනය සම්බන්ධව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව පුද්ගලයින් කීප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. පස්පොඩ්ඩාගේ රියදුරු බව කියන 24 හැවිරිදි  “වේග බ්ට්ටා” නමින් හඳුන්වන  උඩුගම්පල මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයා ද මෙසේ අත් අඩංගුවට ගත් එක් තැනැත්තෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් වී සිටින මේ පුද්ගලයාව ඉලක්ක කරගෙන පෙරේදා වෙඩි තැබීම සිදුවී ඇති බවත්, ඔහුට වෙඩි තබා ඇතතේ වැලිවේරියට ගෙන්වාගෙන බවත් විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

මුහුණුපොත හරහා සතියකට පමණ පෙර  මුණගැසුන කාන්තාවකගේ ආරාධනාවකට මේ තැනැත්තා වැලිවේරියට ගොස් ඇත්තේ පද්මේ ගේ  ඝාතන සැලසුමක ගොදුරක් ලෙසය.  මෝටර් රථයකින් කාන්තාව හමුවන්නට ගිය පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

ඔහු ඉලක්ක කරගෙන වෙඩි දෙක්ක තබා ඇති බවත්, ඉන් එක් වෙඩිල්ලක් අතට වැදී ඇති අතර අනෙක් වෙඩිල්ල ඔහු වැදී නැති බවත්, තුන්වන වෙඩිල්ල තබන්නට යෑමේ දී ගිනි අවිය ක්‍රියා විරහිත වී ඇති බවත් විමර්ශන අංශ කියයි.

ගිනි අවිය ක්‍රියා විරහිත විමත් සමග කලබලයට පත් වෙඩික්කරුවන්ට ඔවුන් පැමිණි යතුරුපැදිය පණ ගන්වා ගැනීමට නොහැකි වී ඇත.

මේ සමගම යතුරුපැදිය අත්හළ ඝාතකයින් ගිනි අවිය පෙන්වා ලොරියක් නවත්වා එම ලොරියේ නැගී කන්දකපාපු හන්දියට පැමිණ කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකින් කඩවත ආසන්නයට විත් පලා ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

පොලිිසිය විමර්ශන පවත්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උඩවලව ජල සටන මානව හිමිකම් කොමිසමට…

Next Post

දුම්රියේ ගමන් කළ චීන ජාතික කාන්තාවකට පොල්ලකින් පහර දී  දුරකථනය කොල්ල කන්න හැදූ අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.