අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙසෙල්වත්තේ දිනුකගේ දේහය කටුනායකට රැගෙන එයි

පරීක්ෂණවලින් පසුව මීගමුවට?

by Lanka Sara Editor
මාර්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි හිදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබලයකු වන කෙසෙල්වත්තේ දිනුක නම් අපරාධකරුගේ  දේහය කටුනායක ගුවන් තොටුපොළින් අද උදේ 10.45ට  පමණ මෙරටට රැගෙනවිත් තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි මේ සංවිධානාත්මක අපරාධකරුගේ පසුගිය දා ඩුබායි රාජ්‍යයේ දී හදිසි හෘදයාබාධයක් හේතුවෙන්  මිය ගියේය.  රෝහල්ගතව සිටිය දී මිය ගිය බව කී මෙම අපරාධකරුට කොවිඩ් ආසාදනය වී ඇතැයි මුලින්ම පල විය.

අද පෙරවරුවේ ULගුවන්යානයකින් දේහය මෙරටට ගෙන්වූ අතර පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුව දේහය පශ්මීචාත්ග මරණ පරීක්ෂණය සඳහා මීගමුවට රැගෙන යාමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.  කෙසේ වෙතත් දේහය ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ 15ක් පමණ වැය වන බව පැවසිණි. කෙසෙල්වත්තේ දිනුකගේ ඥාතීන් දේහය ගෙන්වා ගැනීමට උත්සාහ කර තිබුණේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්කුඩු ජාවාරම් කාරයක් වූ, දැනට ඩුබායිහි වාසය කරන කුඩු මොරිල් හරහාය. දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූලික බරපැණ දරා ඇත්තේ මොරිල් බව කියැවේ.

මේ වනවට ඔහු වෙනුවෙන් පිටකොටුව ආසන්න ප්‍රදේශවල සුදු කොඩි ඔසවා සරසා ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසෙල්වත්ත දිනුක යනු ප්‍රේමදාස ආණ්ඩුව වකවනුවේ කෙසෙල්වත්ත හොල්ලාගෙන සිටි චණ්ඩියෙක් වූ කෙසෙල්වත්ත නීල් ගේ පුතාය. නීල් පාතාල අපරාධකරුවෙක් වග කිසිවෙක් කියන්නේ නැත. ඔහු ප්‍රධාන ධනෝපායන මාර්ගය ලෙස තෝරාගෙන තිබුණේ දේශපාලන හයිය මත ලබා ගන්නා ඉඩකඩක පළතුරු තට්ටු දමා ඒ තට්ටු දිනපතා මුදලකට පුද්ගලයන්ට කුලියට දීමය. එමෙන්ම බස් වේලා සටහන් කිරීම සියතට ගෙන බස් රථ කාල කලමණාකරණය වෙනුවෙන් බස් රථයකින් මුදලක් ලබා ගැනීමය.

එහෙත් සිය පුතු දිනුක කිසිම අවස්ථාවක පාතාලයෙක් කිරීම සඳහා කෙසෙල්වත්තේ නීල් කටයුතු කර තිබුණු නැති බව වාර්තා වේ. මේ වනවිට දිනුක පාපන්දු ක්‍රීඩාවට එක් වී සිටියේය. ජාතික කණ්ඩායමේ නායකයාව කලක් කටයුතු කළ පාතාල ප්‍රභලයෙක් වූ ෆුඩ් බෝල් රොෂාන් දිනුක හා සම්බන්ධකම් ගොඩ නගා ගන්නේ මේ පාපන්දු කෙළියත් සමගිනි.

මේ අතර ප්‍රේමදාස ඝාතනය සිදුවන්නේය. ඉන් පසු බලය ගිලිහී යන කෙසෙල්වත්තේ නීල් මාදම්පිටිය කනත්තට ගෙන්වා ඝාතනය කර මිනිය කුණු බක්කියක් මත දමන්නේය. මේ මිනී මැරුමේ සැකය  යන්නේ එකට සිට වෙන් වූ නීල්ට එරෙහි අනෙක් කණ්ඩායම වන මැනිං මාර්කට් හි බලය මෙහෙයවූ කෙසෙල්වත්තේ අරියපාලට හා තවත් චන්ඩියෙක් වූ කිත්සිරි රාජපක්ෂටය.

කෙසෙල්වත්ත නීල් ඝාතනය කිරීමත් සමග පියා ඝාතනයේ පලිය ගැනීමට දිනුක සැරසෙන්නේය. නීල් ඝාතනයේ ප්‍රධාන සැකය එල්ල වූ ආරියපාල ඝාතනය වන්නේ මේ අතරය. ඒ සමගම කිත්සිරි රාජපක්ෂ සිය පවුලත් සමග ලංකාව හැර ඉතාලියට යන්නේය.

ඉතාලියට පැන යන කිත්සිරි රාජපක්ෂ හා ඔහුගේ සොයුරු අරුණජිත් රාජපක්ෂ යුද සමයේ දී ඉතාලියේ සැලකිය යුතු භූමිකාවක් කරන දෙදෙනෙකි. අපි වෙනුවෙන් අපි වැඩසටහනට මුදල් එකතු කර දෙමින් ජිනීවාහි  සිංහලයින් වෙනුවෙන් උද්ඝෝෂණ සංවිධානය කර එහි ගොස් උද්ඝෝෂණය කරමින් දේශපාලන හොද හිත සහ බලය අත්පත් කරගන්න අරුණජිත් හා කිත්සිරි දෙදෙනා ලංකාවට පැමිණෙන්නේ 2011 දීය.

මුලින්ම දිනුක අතින් අරුණජිත් රාජපක්ෂව ඝාතනය වන්නේය. අනතුරුව මහින්ද රාජපක්ෂ රජයේ ආශීර්වාදය සහිතව කොළඹ නගර සභාවට තරග වදින්නට සූදානම් වෙමින් සිටි කිත්සිරි රාජපක්ෂත් දිනුක විසින් මරවන්නේය. ඒ සමයං වෙත ලබා දෙන ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවකටය.

කිත්සිරි රාජපක්ෂ ඝාතනය වීම එවකට පැවති මහින්ද ආණ්ඩුවට බලවත් ලෙස දැනුන එකකි. කෙසෙල්වත්තේ දිනුකට මරණ වරෙන්තුව ලියැවෙන බව සහතික ලෙස ඔහු දැනගන්නේය. දිනුක 2011 දී ඩුබායි රාජ්‍යයට පැන යන්නේය. 2014 දී ඔහු සිය පවුලම ඩුබායි වෙත ගෙන්වා ගන්නේය.

දිනුක පාතාල කෙරුමෙක් වන්නේ ඩුබායි ගිය විටය. කප්පම් ගැනීම්, කුඩු ජාවාරම්, කොන්ත්‍රාත් මිනීමැරුම් සබ්බන්ධ ඔහුගේ අපරාධවලට ඔහුගේ මවත් වගකිව යුතු බව කියැවිනි.

කෙසේ වෙතත් මේ වනවිට අවුරුදු 10කට පසු කෙසෙල්වත්තේ දිනුක කෙසෙල්වත්තට පැමිණ ඇත්තේය. ඒ මල සිරුරක් ලෙසය. ඒ සිරුරට ගෞරව දක්වන්නට දැන් කෙසෙල්වත්ත සැරසී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුර්කා තහනම ආපු ගමන් ගිය හේතුව හෙළිවෙයි

Next Post

අග්‍රහාර අරමුදල රුපියල් මිලියන 264ක අලාභයක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.