කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර සංකීර්ණය සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ නිවු ෆෝට්රස් එනර්ජි සමාගම සහ රජය අතර ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.අටිගල පවසයි.
කොටස් හුවමාරු ගිවිසුමක් වූ මෙම ගිවිසුමේ තාක්ෂණික සහ මූල්‍ය ගිවිසුම් මසක් තුළ සකසා අවසන් කරන බව ඔහු සඳහන් කරයි.
ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලකට කෙරවලපිටිය යුගදනවි එල්.එන්.ජී බලාගාරයේ සියයට 40ක කොටස් මෙම අමරිකානු සමාගමට ලබා දී තිබිණි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ මෙම සමාගම ගෑස් නල පද්ධතිය සඳහා අවම ලංසුව ඉදිරිපත් කළ සමාගම බවය.
යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් අත්පත් කරගැනීමට සහ ගෑස් නල පද්ධතිය සැකසීමට අමතරව නිව් ෆෝට්රස් එනර්ජි මෙහි මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුතු එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීමට ද නියමිතය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ වසර 15කින් පසු මෙම බලාගාර සංකීර්ණයේ හමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පැවරෙන බවය.