මෙම මූල්‍ය වර්ෂයේදී කෙන්යාවේ, චීන අරමුදල් සහිත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ණය ආපසු ගෙවීම ෂිලීන්ග් බිලියන 73.48 ලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබේ.
භාණ්ඩාගාර වාර්තා අනුව චීනයට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.84ක් වූ අතර දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.84ක් දක්වා අඩු වී තිබේ. මීට හේතු වී තිබෙන්නේ චීනය විසින් ලබා දුන් ණය සහන කාලය අවසන් වීමෙන් පසු මූලික මුදල් නිෂ්කාශනය වැඩි වීමයි.
2014 වර්ෂයේ සිට කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාට්ටා ප්රමුඛ රජය පාරවල්, පාලම්, බලාගාර හා දුම්රිය මාර්ගයන් තැනීම සඳහා චීනයෙන් ණය ලබා ගැනීමට ඇරඹුවේය. මෙය ආරම්භ වූයේ කෙන්යාව ලෝක බැංකු සමූහය වැනි සංවර්ධන ණය ලබා දෙන්නන්ගෙන් ලැබෙන ආදායමෙන් රට ස්ථාවරත්වයකට ගෙන අඩු ආදායම් ලබන ආර්ථිකයක් බවට රට පත් කර ගැනීමෙන් පසුවය.
කෙන්යාව, චීනයෙන් ලබා ගත් ණයවලින් වැඩි ප්‍රමාණයක් එක්සිම් බැංකුව මඟින් ලබා ගත් අතර 2014 දී කිලෝමීටර් 485ක් දිග මොම්බාසා හා නයිරෝබි අතර දුම්රිය මාර්ගය සෑදීම සඳහා වැය වූ ඩොලර් බිලියන 3.6ක මුදලෙන් සීයට අනූවක් එම බැංකුව ලබා දුනි.
එක්සිම් බැංකුවට අමතරව චීන සංවර්ධන බැංකුව ද කෙන්යාවේ සංවර්ධන කටයුතු සඳහා ණය ලබා දුන්නේය.
කොවිඩ් 19 වෛසරය පැතිරුනු කාලයේදී ණය ආපසු ගෙවීම තාවකාලික තහනමකින් නැවතී තිබුණත් ඉන් අනතුරුව 2021 ජූනි මස අවසන් වූ පසුව කෙන්යාව ණය ගෙවූ මුදල සියයට 135.15කින් ඉහළ ගොස් ඇතැයි භාණ්ඩාගාරික වාර්තා පෙන්වා දෙයි.
මේ වසරේ මාර්තු මාසය දක්වා මාස නමයක කාලයකදී කෙන්යා භාණ්ඩාගාරය ද්විපාර්ශවික ණය ගෙවීම් සඳහා ෂීලින්ග් 90.26ක් වැය කර ඇති අතර ඉන් සියයට 81.4ක් ම ගෙවා ඇත්තේ චීනයටයි.