අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ  පොරොන්දු වූ විප්ලවීය වෙනස කරනවා… ජනපති කියයි!

by editor
නොවැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීමේ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   පැවසීය.

වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමට තමන් පොරොන්දු වූ බව කී ජනාධිපතිවරයා එම   . වෙනස  සිදු කිරීම ඉතාම අපහසු බව පෙන්වා දුන්නේය.

ගොවියාව  බලෙන් මේ කාබනික පොහොරවලට යොමු කළ නොහැකි නමුත් තමන් නිවැරදි දේ කළ බව කී ජනාධිපතිවරයා තමන්ට ගොවීන්ට බෙල්ලෙන් අල්ලා කාබනි පොහොර පාවිච්චි කිරීමට යොමු කළ හැකි මුත් එසේ කරන මිල්ටරි පාලකයෙක් වීමට තමන්ට අනවශ්‍ය බවත්   ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ,  “රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව” මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ  වැඩ නිමකළ මාර්ග 1,500ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද (06) එක්වෙමින් ය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,  මෙසේද පැවසීය.

“මේ රට වාර 10කට වඩා අපිට වහන්න වුණා. මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. විපක්ෂය කෑ ගහනවා රට වහන්න කියලා. වහනකොට කෑ ගහනවා රට අරින්න කියලා. රටට ඩොලර් බිලියන 5ක විදේශ විනිමයක් ගෙනාපු සංචාරක අංශය බිංදුව දක්වා වැටුණා. ජනතාවගේ ආදායම් සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපනයන ආදායම නැතිවෙලා ගියා. ලක්ෂ 2කට ආසන්න මැදපෙරදිග වැඩ කරපු අය ලංකාවට ගෙනාවා. ඩොලර් බිලියන 4ක් සෑම අවුරුද්දකම ගෙවන්න සිද්ධ වුණා ණය. අපි ඒක ගෙව්වා. රාජ්‍ය සේවකයා ගෙදර හිටියත් අපි පඩි ගෙව්වා.”

“අද ගොවි මහත්තුරු උද්ඝෝෂණ කරනවා. අපි බලයට එනකොට වී රුපියල් 25ට විකුණගන්න බැරුව හිටියේ. අපි රුපියල් 50ක සහතික මිලක් දීලත් අද 60ට 70ට 80ට විකුණනවා. කමක් නෑ ඒක යන්නේ ගොවියට.”

“69 ලක්ෂයක් මට ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි. මගේ ප්‍රතිපත්තිවලට. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න අපි පොරොන්දු වුණා. වෙනස කරන එක අමාරුයි. ගොවියාට බලෙන් මේ කාබනික පොහොරවලට යන්න කියන්නේ නෑ. නමුත් මම කළේ හරි දේ.”

“සමහරු කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ.., මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපන් කියලා කියන්න. හැබැයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒකද බලාපොරොත්තු වෙන්නේ. නෑ. සමහරු කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕනේ නම් එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනා නිසා අදත් අපි රටක් හැටියට ජිනීවා යනවා. මානව හිමිකම්වලට. මට එහෙම කරන්න ඕනේ නෑ. අපේ රටට.”

“නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා.”

“අපිට තෙල් නෑ. ගල් අඟුරු නෑ. ගෑස් නෑ. නමුත් අපිට තියෙනවා හිරු එළිය, වතුර, සුළඟ, මේ තුනෙන්ම අපිට විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක්. මේවා අමාරු දේවල්.”

“යහපාලනය යටතේ ජනාධිපති අගමැති යනකොට විශාල කාර් ප්‍රමාණයක් යනවා. මම ඒවා නැති කළා. අමෙරිකාවෙදි මගෙත් එක්ක වාහන 15ක් ආවා.”

“මම එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ භාර්යාව මගෙත් එක්ක ගියා. මම එයාගේ ටිකට් එකට සල්ලි ගෙව්වා.”

“මගේ ඥාතීන්වත් එක්කං ගියානම් ඒ අයත් සන්තෝෂයි. බැහැයි ඒ අයව එක්කං නොගියාම, අයියෝ අපේ මාමා ජනාධිපති වැඩක් නෑ. අපිට යන්නවත් නෑ. නමුත් ඒකයි වෙනස.”

“මටත් රජ ගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි. ඒකෙ ඉන්න අමාරුයි. වැඩක් නෑ. අපරාදෙ නිකං විදුලිය පිච්චෙනවා. මම ඉන්නේ හිටපු ගෙදරමයි. ඒකයි වෙනස.”

“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා. විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ, ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”

“එක රටක් එක නීතියක් සංකල්පයක්. මේකට ඥානසාර හාමුදුරුවො පත් කළාම විවේචනය කරනවා. මම දන්නවා අවුරුදු 5ක් තිස්සේ එක රටක් එක නීතියක් ගැන සංකල්පය කතා කළේ උන්වහන්සේ. ඉතින් මං උන්වහන්සේට කතා කරලා කිව්වා මට මේ සංකල්පය හදලා දෙන්න කියලා. උන්වහන්සේ මට ඒක හදලා දුන්නාම මම ඒක අධිකරණ අමාත්‍යාංශයට දීලා අඩුපාඩු හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකනේ අවශ්‍යතාවය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 20ක්…

Next Post

සිමෙන්ති මිල ඉහළට

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.